MRI දොස්තර පෞද්ගලික රෝහලට අත්සන විකුණල..! දෑහින් නොදැක PCR තහවුරු කරයි..!

September 16, 2021 at 7:20 am | by emanisa.lk

බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනයේ ඉහළ තනතුරක් දරන වෛරසවේදී විශේෂඥ වෛද්‍යවරයකු සිය අත්සන කොළඹ පෞද්ගලික රෝහලකට කුලී පදනම මත ලබා දී ඇති බව අනාවරණය වෙයි.

එම පෞද්ගලික රෝහල නිකුත් කර ඇති පීසීආර් පරීක්ෂණ වාර්තාවලට එම වෛද්‍යවරයාගේ අත්සන යෙදීමෙන් මේ බව තහවුරු වී ඇත. එම අත්සන් සජීවී අත්සනක් හෝ ඔන්ලයින් ක්‍රමයට යෙදූ අත්සනක් නොවන බව ද අනාවරණය වී තිබේ.

පීසීආර් පරීක්ෂණයක නොදකින වාර්තාවකට වෛද්‍යවරයා මෙලෙස අත්සන යෙදීම එකී පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලු මතු කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ උදෑසන අටට පෙර හා පස්වරු හතරට පසු වෛද්‍යවරුන්ට පෞද්ගලික සත්කාර සේවාවල නිරත විය හැකි බවය. කෙසේ වුව ද පෞද්ගලික රෝහලින් නිකුත් කර ඇති වාර්තාවේ එය ලබාදුන් වේලාව ලෙස අටත් – නවයත් අතර වේලාවක් සඳහන්ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය, පෞද්ගලික රසායනාගාරවල අනියම් වෘත්තිකයන් ලෙස ක්‍රියා කරන විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනකු සමග සාකච්ඡා කර පීසීආර් හා රැපිඩ් පරීක්ෂණ පිළිබඳව තීන්දු තීරණ ගන්නා බවට රවි කුමුදේශ් පසුගියදා චෝදනා කළේය. වෛද්‍යවරුන්ගේ පී.සී.ආර්. මාෆියාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් සිදුකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *