MCC අත්සන් කළ රටවල් 49ම කිසිම ආර්ථික වර්ධනයක් නෑ! නමුත් රටවල් 47කම ඇමරිකානු හමුදා කඳවුරු හදලා ඉවරයි! – රජයේ වෛද්‍ය නිලධාරී සංගමය

March 4, 2020 at 10:55 am | by emanisa.lk

ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපර්රේෂන් (MCC) ගිවිසුම අත්සන් කළ රටවල් 49 අතරින් රටවල් 47කම මේ වන විට ඇමරිකානු හමුදා කඳවුරු ස්ථාපිත කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එසේම එම MCC ගිවිසුම අත්සන් කළ කිසිදු රටක් ආර්ථික වර්ධනයේ වැඩි වීමක් වාර්තා කර නැතැයි ද එම සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර පවසයි.

එහෙයින් MCC ගිවිසුමේ අහවල් කොටස හොඳ යැයි අහවල් කොටස නරක යැයි වෙන් කිරීමක් කළ නොහැකි බවත් මෙම ගිවිසුම කිසිසේත් අත්සන් නොකළ යුතු යැයි ද එම සංගමය අවධාරණය කරයි.

MCC ගිවිසුම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට සිය යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ (03) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස