JVP ඇපල්! JVP ඇපල්! 100ට 3යි! 100ට 3යි! – පිටකොටුවේ වෙළෙන්දෝ ජවිපෙ බේරේ වැවට විසි කරති…

December 2, 2019 at 11:15 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ අද වන විට රටේ විහිළුවක් බවට පත්ව ඇති බවත් පිටකොටුවේ වෙළෙන්දන් ඇපල් විකුණන්නේ “JVP ඇපල්! JVP ඇපල්! 100ට 3යි! 100ට 3යි! යැයි කෑ ගසමින් බවත් මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොරටුව බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ සජිත් ප්‍රේමදාස පමණක් නොව මෙරටට හතුරුකම් කළ සියලු විජාතික බලවේග බව ද හෙතෙම සඳහන් කළේය.

“මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අශීලාචාර විදිහට බලය තියා ගෙන ඉන්න, නවක වධය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවෙන්ම ලැබුනේ ජන්ද 8000. අඩුම ගානේ පහුගිය වසර කිහිපයේ උද්ඝෝෂණවලට ආපු විශ්වවිද්‍යාල ළමයි ටිකවත් ජන්දේ දීල නැහැ. ඒ වුනාට ජනමාධ්‍යවල මේ පිස්සන්ට ජන්ද බලයට සමානුපාතික නැති අවස්ථාවක් ලැබිල තියෙනවා. මේවත් අප නිවැරදි කරන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස