ITN මාධ්‍යවේදියාට කොරෝනා වැළඳී නෑ!

October 17, 2020 at 10:21 am | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පැවසූ ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියාට කොරෝනා ආසාදනය වී නැතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක දැනුම් දෙයි.

පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට (පොසිටිව්) නිගමනය කළත් ඔහුට සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී නැති බවට (නෙගටිව්) ප්‍රතිඵල නිකුත් වී ඇත.

පසුගිය 13 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ මාධ්‍ය හමුවට ද මොහු සහභාගි වී සිටි බැවින්, එම මාධ්‍ය හමුවට සහභාගි වූ සියලු මාධ්‍යවේදීන්ට නිවෙස්වලට වී සිටින ලෙසට නිවේදනයක් ද මින් පෙර නිකුත් විය.

අලුත්ම පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව තවදුරටත් පෙර කී මාධ්‍යවේදීන් නිවෙස්වලට වී සිටිය යුතු නැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස