IOCකෝටි 80ක් ලාභ උපයද්දි ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන්නේ ඇයි? – විජිත හේරත්…

June 23, 2021 at 4:40 pm | by emanisa.lk

රට අද තියෙන්නේ ලොකු මූල්‍ය අර්බුදයක යැයි ද රජය එය වසන් කරන්නේ යැයි ද ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ඔහු පාර්ලිමේන්තුවේදී අද (23) මේ බව ප්‍රකාශ කළේ ය.

අද ඩොලර් ටිකක් තිබෙන්නේ මහ බැංකුවේ පමණකැයිද ඔහු සඳහන් කළේය.

රජය ඉටුකම අරමුදලෙහි ඇති මුදල්ද වංචා කරන බවත් ලීසිං ක්‍රමය යටතේ ණය ගත් විශාල පිරිසක් අද අසරණ වී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් සංස්ථාව පාඩු යැයි පවසද්දී ඉන්දීය තෙල් සමාගම කෝටි 80 කට වැඩි ලාභයක් උපයා ඇතැයි පැවසූ විජිත හේරත් ඉන්ධන වෙළඳපොළේ පහෙන් හතරක් හසුරු වන ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවේ කෙසේ දැයි ප්‍රශ්නයක් බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *