IMF කිව්වේ රු. 45 000 ඉඳලා බදු ගහන්න කියලා…! ලක්ෂෙට නැග්ගුවේ අපි…! – බන්දුල…

January 25, 2023 at 7:59 am | by emanisa.lk

රජය විසින් පනවා ඇති නව බදු ඉවත් කිරීමක් හෝ අඩු කිරීමක් සිදු කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර නොලැබෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඊයේ (24) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත්තේ රුපියල් 45,000ට වැඩි මාසික ආදායමක් ලබන අයගෙන් බදු අය කරන ලෙස බවත්, රුපියල් ලක්‍ෂය දක්වා ආදායම් ලබන අය බදුවලින් නිදහස් කර ඇත්තේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව බවත් ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි වුවහොත් රට සති දෙකකට වඩා පවත්වාගෙන යා නොහැකි වන බවත් එසේ කළ හැකි ක්‍රමයක් ලබා දෙන පිරිස් වෙත සවන් දීමට රජය සූදානම් බවත් ඇමැතිවරයා පැවැසීය.

රටේ ආර්ථික අර්බුදය සමනය වූ පසුව නම්‍යශීලී බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් මේ ඒ සඳහා අවස්ථාව නොවන බවත් ඔහු පැවැසුවේය.

කැබිනට් තීරණ දැනුදීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *