IMF එකෙන් ණය ලබා ගැනීම ආර්ථික අර්බුදයට විසඳුම නෙමෙයි….! විසඳුම අපනයන නැංවීම සහ සංචාරක ප්‍රවර්ධනයයි….!

July 26, 2021 at 8:46 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා ගැනීමට රජයට දැනට උවමනාවක් නැතැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර පවසයි.

අපේ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහභාගිත්වය අවශ්‍ය ද නැද්ද යන්න මේ වෙලාවේදී වැදගත් වන්නේ නැති බවත් අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්කිරීමට හෝ අඩපණ වූ අපනයන කර්මාන්තය නගා සිටුවීමට එම සංවිධානයට බැරි බවත් ආචාර්ය ජයසුන්දර පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීමෙන් ක්ෂණික ආර්ථික වර්ධනයක් වීම ඉදිරි මාස හයේදී සිදුවන්නේ නම් සහ සංචාරක ව්‍යාපාරය වහා වර්ධනය වී ඩොලර් බිලියන දෙකක ආදායමක් ගලා එන්නේ නම් එසේ මුදල් ලබා ගැනීම වරදක් නොවන බව හෙතෙම පවසයි. එහෙත් මුදල් ණයට ගැනීමේ වැඩපිළිවෙළ තුළ ඒ ආකාරයේ ආර්ථික විසඳුම් ලැබෙන වැඩපිළිවෙළක් නැති බව ද ඔහු කියයි.

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ද වන පී. බී. ජයසුන්දර තව දුරටත් සඳහන් කළේ නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සමග තමා ඉතා කිට්ටුවෙන් කටයුතු කරන බවය.

කෙසේ වුව ද හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ආර්ථිකය ගොඩනැඟීමට ජාත්‍යන්තතර මූල්‍ය අරමුදලින් ණය ගැනීම හැර විකල්පයක් නොමැති බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *