ආණ්ඩුව තමන් ලබා දෙන අදහස්වලට සවන් නොදී ජාත්‍යන්තර ණය හිමියන්ගේ යෝජනාවලට එකඟ වුවහොත් විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව සමගි ජන බලවේගය පවසයි.
2038 පමණ වන තුරු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමට නියමිත බවයි, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ.
ආර්ථික පරිවර්තන පනත ඔස්සේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කාරණා නීති බවට පත්කිරීමට කරන උත්සාහය හෙළා දකින බව ද හර්ෂ ද සිල්වා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහට තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා ඊළඟ ආණ්ඩුවලට බලහත්කාරයෙන් පැටවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව ද හෙතෙම අවධාරණය කළේය.
සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.