Hippo Spirit චීන පොහොර නැව මුහුද මැද දී Seiyo Explorer වෙයි…!

November 1, 2021 at 10:14 pm | by emanisa.lk

අහිතකර බැක්ටීරියා වර්ග අඩංගු බව තහවුරු වීමෙන් පසුව ආපසු හරවා යවන ලද Hippo Spirit චීන කාබනික පොහොර නෞකාව මේ වන විට Seiyo Explorer නමින් එහි නම වෙනස් කර ඇති බව ඉන්දීය වෙබ් අඩවියක් වන The World is One News අනාවරණය කරයි.

මෙම චීන පොහොර නැව පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් රැගෙන Hippo Spirit නමින් සැප්තැම්බර් 22 වැනිදා චීනයෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති අතර ඉන්පසු නැව සිංගප්පූරුව බලා පිටත් වූ බව වාර්තා විය.

සජීවී AIS (automatic identification system) වාර්තා අනුව පෙන්වා තිබුණේ නෞකාව දින කිහිපයක් මලක්කා සමුද්‍ර සන්ධියෙන් ඔබ්බෙහි නැංගුරම් ලා තිබූ බවයි. AIS වාර්තා මඟින් Hippo Spirit නෞකාවේ මීළඟ ගමනාන්තය කොළඹ බව පෙන්වා දී තිබිණ.

Hippo Spirit සහ Seiyo Explorer හි එකම IMP (International Maritime Organization) අංකය ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එය IMO අංක 9135523 යි. IMP නැව් හඳුනාගැනීමේ අංකය යනු ඉලක්කම් හතක අංකයක් වන අතර එය කොඩි හෝ අයිතිකරුවන්ගේ වෙනසක් නොතකා යාත්‍රාවක ජීවිත කාලය පුරාම නොවෙනස්ව පවතින අංකයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස