Day time Night Time ඩේටා කොල්ලය නිමයි…! අලුත් Any Time පැකේජයකට මාරුවෙන්න…! – විදුලි සංදේශ නියාමන කොමිසම

October 15, 2021 at 11:57 am | by emanisa.lk

ඩේ ටයිම් සහ නයිට් ටයිම් ලෙස ලෙස ඉන්ටර්නෙට් පහසුකම් බෙදා ලබා දීම සාධාරණ නොවන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසයි.

මෙම නයිට් ටයිම් ඩේටා සඳහා අයකිරීමක් නොමැති බවත් එය අනවශ්‍ය ලෙස සිය අලෙවි ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම ගැටලුවක් වී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

පසුගිය දෙවසරක කාලය තුළ කිසිදු නයිට් ටයිම් ඩේ ටයිම් පැකේජයක් සඳහා තමන් අනුමැතිය ලබා නොදුන් බව ඕෂධ සේනානායක ප්‍රකාශ කරයි.

මේ වන විට එනි ටයිම් පමණක් ලබා දෙන නව පැකේජ ඇති බවත් එවැනි පැකේජ සඳහා මාරු වීමේ අවස්ථාව පාරිභෝගිකයාට ඇති බවත් ඔහු අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *