Corona# ලොව පුරා ආසාදිතයන් කෝටිය පනී! ලංකාවත් අවදානමේ හෙළමින් ඉන්දියාව සිව්වෙනි තැනට!!

June 28, 2020 at 11:50 am | by emanisa.lk

ලොව පුරා රටවලින් වාර්තා වන කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 100 ඉක්මවා ඇත.

වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 10 73, 812 කි. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ අමෙරිකාවය.

බ‍්‍රසීලය 02 ස්ථානයේත්, රුසියාව තෙවන ස්ථානයේත්, ඉන්දියාව සිව්වන ස්ථානයේත් පසුවෙයි.

මේ වන විට ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා මරණ ගණන ද පන් ලක්ෂය ඉක්මවා තිබෙන අතර එම සංඛ්‍යාව 500 608කි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ලොව සුවය ලබා සිටින පිරිස 54 51, 856ක් වෙයි. ඒ අනුව තවදුරටත් ලොව පුරා රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41 21, 348කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස