CORONA# බේරුවල ගම් පහක් සම්පූර්ණයෙන් වසා දමයි! පන්විල 56ක් නිරෝධායනයට යොමු කරයි!

April 2, 2020 at 4:39 pm | by emanisa.lk

කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් පස් දෙනකු වාර්තා වීමත් සමග බේරුවල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක් හුදෙකලා කර ඒ වාගේ සියලු පිවිසුම් මාර්ග වසා දැමීමට කටයුතු කර තිබේ.

එසේ වසා දමා ඇත්තේ පන්විල, චීන කොටුව, කරදගොඩ, අඹේපිටිය, අක්කරගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ය.

කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා පවසා පවසන්නේ එම ගම්මාන වලට කිසිවෙකුට පිවිසීමට හෝ ඉන් කිසිවෙකුට පිටවීමට නොහැකි ලෙස හුදකලා කර ඇති බවයි.

සෞඛ්‍ය අංශ විසින් කරනු ලබන නිර්දේශ මත මෙම හුදෙකලා කිරීම කළ බවද ඔහු සඳහන් කරයි.

මේ අතර බේරුවල පන්විල ප්‍රදේශයේ හඳුනාගත් කොරෝනා රෝගීන් සමග සමීපව කටයුතු කළ 56 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස