Corona# ඊයේ රෝගීන් 33යි! සියල්ල වැලිසර පොකුරින්! මුළු රෝගීන් 751යි!!

May 5, 2020 at 7:24 am | by emanisa.lk

ඊයේ (05) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 33 දෙනෙක් වාර්තා වූ අතර ඉන් 31 දෙනෙක් නාවික හමුදාවේ සාමාජිකයින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

මේ සමගම ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 751ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔහු සඳහන් කළේ අනෙක් රෝගීන් දෙදෙනා නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සමිපතයින් බවය.

මෙලෙස වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනා වයස අවුරුදු 13 ක දරුවෙක් සහ 70 ක කාන්තාවක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියි.

ඊයේ දිනය අවසන් වන විට නාවික හමුදා සෙබළුන් 327ක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඉකුත් අප්‍රේල් මස 22 වෙනිදා සිට ගතවූ දින 12ක් තුළදී කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 440ක් සහ එක් මරණයක් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව