Corona# ආසාදිතයන් 649යි! සුවපත් වූ 136යි! පිරිස

April 30, 2020 at 6:59 am | by emanisa.lk

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 649 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ඊයේ (29) රාත්‍රිය⁣ වන විට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව  30 කි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 506 ක් වේ.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 136 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව