corona# ආසාදිතයන් 12297යි මරණ 220යි! ඔස්ට්‍රියාව කඩ සාප්පු නැවත අරින්න සූදානම්!

April 7, 2020 at 9:55 am | by emanisa.lk

‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කිරීමේ අරමුණින් ලබන සතියේ සිට කුඩා කඩසාප්පු විවෘත කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රියාවේ චාන්සලර් සෙබස්තියන් කර්ස් පවසයි.

අනෙකුත් බොහෝ රටවලට කලින් ඔස්ට්‍රියාව කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියාමාර්ග ගත් බැවින් ඉක්මනින් කඩසාප්පු විවෘත කිරීමට අවස්ථාව ලැබුණු බව ද මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔස්ට්‍රියානු චාන්සලර්වරයා කීය.

සියල්ල හොඳින් සිදුවුවහොත් වර්ගමීටර 400කට අඩු අත්‍යවශ්‍ය නොවන කඩසාප්පු විවෘත කරන බවත් ඉන් අනතුරුව අප්‍රේල් 14 වැනිදා සුළු ව්‍යාපාර හා මධ්‍ය පරිමාණ කඩසාප්පු විවෘත කරන බව ඔහු කීවේය. මැයි 1 වැනිදා වනවිට සියලු කඩසාප්පු සහ වෙළෙඳ සංකීර්ණ මැයි 1 වැනිදා විවෘත කරන බවත් හෙතෙම කීය.

මේ වන විට ඔස්ට්‍රේලිවෙන් කොරෝනා ආසාදිතයන් 12297ක් වාර්තා වී ඇති අතර ඉන් මිය ගිය පිරිස 220කි. සුවපත් වූ පිරිස 3463කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස