Corona# අද ආසාදිතයන් 24යි! මුළු ආසාදිතයන් 795! සුවපත් පිරිස 215!

May 6, 2020 at 11:27 pm | by emanisa.lk

අද (06) රාත්‍රී 08.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් 571 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

ඊයේ (05) මෝදර ප්‍රදේශයේ මියගිය කාන්තාවත් සමඟ වෛරසය ආසාදනය වීමෙන් මෙරටින් මරණ 09ක් වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාල කාන්තාවට වෛරසය ආසාදනය වු ආකාරය සම්බන්ධයෙන් තවමත් නිශ්චිතව අනාවරණය වී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස