corona# අද ආසාදිතයන් 134යි! 81ක් විදෙස් පොකුරින්! 53ක් නාවික හමුදා පොකුරින්! සුවපත් පිරිස 711යි!

May 27, 2020 at 10:44 pm | by emanisa.lk

අද(27) රාත්‍රී 08.30 වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 134 දෙනෙකු වාර්තා වී ඇතැයි සංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ අතරින් 53 දෙනෙකු නාවික හමුදා සෙබළුන් වන අතර 81 දෙනෙකු විදෙස් රටවල සිට ලංකාවට පැමිණි කණ්ඩායම්වලට අයත්ය.

මේ අනුව අද වන විට ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත පිරිස 1453 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 711 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර අද උදෑසන 10 වන විට සුවය ලැබූ 20 දෙනාද සමග සම්පූර්ණ සුවය ලද පිරිස 732 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා මරණ ප්‍රමාණය 10කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස