corona# අද ආසාදිතයන් 11යි! 11 දෙනාම බේරුවලින්! මුළු ආසාදිතයන් ගණන 321යි!

April 22, 2020 at 4:50 pm | by emanisa.lk

අද (22) දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු හමු වී ඇති අතර ඒ සියලු දෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මීට පෙර හඳුනා ගත් ආසාදිතයෙකුගේ ඥාතීන් වන මොවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි පිරිසක් බව ද අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.

මේ සමඟ කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට පසු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන දිස්ත්‍රික්කය වන්නේ කළුතර දිස්ත්‍රික්කයයි.

මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 321ක් වෙයි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස