corona:අද ආසාදිත ගණන 12යි! මුළු රෝගීන් 847යි! සුවපත් පිරිස 260යි!

May 9, 2020 at 10:41 pm | by emanisa.lk

අද (09) රාත්‍රී 7.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260 ක් වන අතර අද දිනය තුළ පමණක් රෝගීන් 20 දෙනෙක් සුවය ලබා ඇත.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 578 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර කොරෝනා ආසාදනය වූ පළමු නාවික හමුදා සෙබලා ද සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති සමස්ත නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්යාතව 21ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේය.

මේ වන විට කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සෙබළු 383 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව