CID කනින් රිංගූ රාජිත නාරාහේන්පිට රෝහලකින් මතුවෙයි! හදිසි ප්‍රතිකාර ඒකකයෙන් හෘද රෝග ඒකකයට යොමු කෙරේ!

December 26, 2019 at 11:12 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වෛද්‍ය ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට ලංකා රෝහලට ඇතුලත් කර තිබේ. අද (26) රාත්‍රී 7.40ට පමණය.

ඔහු එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ පරික්ෂාවට ලක්කර හෘද රෝග ඒකකයට ඇතුලත් කර තිබේ.

මේ අතර හිටපු ඇමතිවරයා හෙට (27) දිනයේදි සිය නිතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වීමට නියමිතව ඇති බව ද වාර්තා වෙයි.

සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තු (24) නිකුත් කරනු ලැබ ඇත.

එම වරෙන්තු නිකුත් කර දැනට දින දෙකක කාලයක් ගතවී තිබුණත් හිටපු ඇමතිවරයා සිය නිවෙස්වලින් අතුරුදන් වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස