CIDය කිච වෙයි! විජිත් රෝහණ නිදහස්!

January 31, 2019 at 9:20 am | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන දිනයක් අන්තර්ජාලය ඔස්සේ අනාවැකියක් ලෙසට සඳහන් කරමින් මහජනයා තුළ අසන්තෝෂයක් ඇති කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ජෝතිෂ්‍යවේදියෙකු වන විජිත රෝහණ විජයමුණිට එරෙහි නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය

ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය නිකුත් කළේ සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය පියවර නොගන්නා බවට නීතිපතිවරයා ලබා දී ඇති උපදෙස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

මෙම සැකකරු විසින් ජනාධිපතිවරයා 2017 වසරේ ජනවාරි මස 26 දා මිය යන බවට අනාවැකියක් පල කර පසුව එය වෙනත් දිනක සිදු වන බවට නැවත අන්තර් ජාලයේ ප්‍රචාරය කර ඇති බවට පොලිසිය චෝදනා ගොනුකර තිබුණි.

විජිත් රෝහණ විජේමුණි සිය ෆේස්බුක් ගිණුමෙහි “CID එක කිච වෙයි. නීති උපදෙස් මත මගේ නඩුව ඉල්ලා අස්කර ගත්තා. නඩුවට නොමිලේ කතා කළ වික්‍රමරත්න මහතාට මගේ ප්‍රණාමය!” යනුවෙන් සටහනක් තබා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස