CIDයට මව්වරු ගැක පරීක්ෂණ කරන්න දැනුමක් නෑ! මව්වරු තවත් අසරණ නොකර ජනපති කොමිසමක් පත් කරන්න! – GMOA

June 29, 2019 at 9:45 am | by emanisa.lk

රටේ සෞඛ්‍ය පද්ධතිය විනාශය කරා යෑමට ඉඩ නොදී දැන්වත් වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් පිළිබඳ සිද්ධිය ගැන නිවැරදි පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන ලෙ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට තාක්‌ෂණික දැනුමක්‌ නැති බවද තාක්‌ෂණික කමිටුවක්‌ පත්කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ ඒ නිසා යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ කීය.

මවුවරුන්ගේ ඉන්ද්‍රිය පද්ධතිය තුළ පරික්‌ෂණ පැවැත්වීමට පෙර මුලින්ම පර්යේෂණයක්‌ කළ යුතු බවද එහිදී වෛද්‍යවරයා කළ ශල්‍යකර්ම ප්‍රමාණය ඒ හරහා මදසරු බවට පත්ව සිටින මවුවරුන්ගේ ප්‍රමාණය බලා ජාත්‍යන්තර සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ සැලකිල්ලට ගෙන කළ යුතු තාක්‌ෂණික පරීක්‌ෂණය තීරණය කළ යුතු බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.

තාක්‌ෂණික කාරනා සැලකිල්ලට ගෙන නැවත වටයකින් මවුවරුන් අසරණ භාවයට පත් වන තීරණ නොගන්නැයි අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් අලුත්ගේ මහතා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස