හිටපු අමාත්‍ය මංගල සමරවී පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් ආසාදිතව ඔහු දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

මංගල සමරවීර පසුගිය රජයේ විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස මෙන් ම මුදල් ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ පාර්ලිමේන්තුවට සිංහල භාෂාවෙන් ද ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග කතානායකවරයාගෙන් අද (17) ඉල්ලීමක් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණ මැතිසබයට ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත් එම තීරණ මව භාෂාවෙන් ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම එලෙස කටයුතු කිරීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වීමක් යැයි ද ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේ ය.

අධිකරණ ඇමතිතුමා ඒ සඳහා මැදිහත් නොවන්නේ නම් නිලධාරීන් මාර්ගයෙන් සිංහල පිටපතක් ලබා දීමට කටයුතු කරන ලෙස ඔහු කතානායකවරයාගෙන් ද ඉල්ලා සිටියේ ය.

විසිවෙනි සංශෝධනය සහ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ද ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේ ය.

එහි දී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කළේ තමන් ඉදිරිපත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් පිටපත බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අහන්නේ ද ඉංග්‍රීසි භාෂාවෙන් බවත් ය. එම ඉල්ලීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව ද අලි සබ්රි පැවසුවේ ය.

ආනයනය කරන ලද පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු බව දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයෝ පිරිසක් කළ ප්‍රකාශය නිසා බොහෝ පිරිසක් සිටින්නේ බියෙනි. ඒ අතරේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී. රවිප්‍රිය කීවේ පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් එක් ලක්ෂ අසූ තුන්දහසක් අඩංගු බහාලුම් දහතුනකුත් හමුවූ බවය. මෙම පොල්තෙල් තොගය ආනයනය කර ඇත්තේ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් තුනක් විසිනි. ඒ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ එජාබල් ඔයිල්ස් සහ කටාන පිරිපහදුවයි. මේ සමාගම් අතරින්ද අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම වසර විස්සක සිට මෙරටට පොල්තෙල් ආනයනය කරන සමාගමකි. ඇත්තටම මේ සමාගම ආනයනය කළ පොල්තෙල්වල පිළිකාකාරක තිබෙනවාද. අපි ඒ ගැන අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නසීම් අසාද් අලිගෙන් ප්‍රශ්න කළෙමු.

පිළිකාකාරක පොල්තෙල් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් ඔබේ ආයතනයටත් චෝදනා එල්ල වෙනවා?

ඔව්, හැමතැනම කතාවෙන්නේ අපි රටේ මිනිස්සුන්ට කන්න දෙන්න පිළිකාකාරක පොල්තෙල් ගෙනාවා කියලා.

ඒක ඇත්තක්ද?

නැහැ, ඒක අමූලික බොරුවක්.

ඒත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙනුත් ආහාර හා ආරක්ෂණ ඒකකයෙනුත් ඔබේ ආයතනය පිළිකාකාරක පොල්තෙල් ගෙන්වූ බවට වාර්තාවක් නිකුත් කර තිබෙන පසුබිමක ඒ කතාව බොරු කියල කියන්නෙ කොහොමද?

ඔව්, ඔවුන් එහෙම දෙයක් කියලා තියෙනවා. මොකද අපි මේ ලංකාවට ගෙනාවේ “අශුද්ධ පොල්තෙල්”. ඒවා ලංකාවට ගේන බොරතෙල්වලට සමානයි. අපි බොරතෙල් ආනයනය කළාම ඒවා බොරතෙල් විදිහටම පාවිච්චි කරන්නේ නැහැනේ. ඒවා පිරිපහදු කරලා ඒකේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කළාට පස්සේ තමයි අපිට අවශ්‍ය වෙන ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් නිෂ්පාදනය කරන්නේ. මේ විදිහටම තමයි අපි ලංකාවට ගෙනාපු “අශුද්ධ පොල්තෙලුත්” පිරිපහදු කරන්නේ. එහෙම නැතිව, ගෙනාපු ගමන්ම බෝතල්වලට දාලා වෙළඳපොළට නිකුත් කරන්නේ නැහැ. ඒවාට නිසි ක්‍රමවේදයක්, ප්‍රමිතියක් තියෙනවා. ඒ නිසා බය නැතුව කියන්න පුළුවන් අපි වෙළෙඳපොළට නිකුත් කරන කිසිම පොල්තෙල් වර්ගයක “ඇෆ්ලටොක්සින්” කියන පිළිකා කාරකය අඩංගු නැහැ කියලා.

ඔබ මේ ගැන වගකීමෙන්ද කියන්නේ?

ඔව්, සියයට දෙසීයක්ම වගකීමෙන් කියන්නේ. අපේ පොල්තෙල්වල මිනිස් ශරීරයට අහිතකර කිසිදු පිළිකාකාරකයක් හෝ රසායන ද්‍රව්‍යයක් අඩංගු නැහැ. කවුරු හරි අපේ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සින්’ කියන පිළිකාකාරකය අඩංගුයි කියලා ඔප්පු කළොත් ඔවුන්ට පුළුවන් අපිට විරුද්ධව ඕනෑම නීතිමය පියවරක් ගන්න. ඒකට අපේ කිසිදු අකැමැත්තක් නැහැ.

එතකොට ඇයි ඔබේ ආයතනයේ පොල්තෙල් රේගුව මගින් සීල් තියලා ප්‍රතිඅපනයනය කරන්න නියෝග කළේ?

ඒක තමයි අපිටත් තියන ප්‍රශ්නය. අපි අවුරුදු විස්සක ඉඳලා තමයි ලංකාවට පොල්තෙල්, ෆාම්තෙල් සහ අනෙකුත් තෙල් වර්ග ගෙන්නන්නේ. අපේ අවුරුදු විස්සක පළපුරුද්දෙ හැටියට මේ පළමු වතාව අපේ තෙල් කන්ටේනරයක් ප්‍රතිඅපනයනය කරන්න කියපු. ඒ වගේම අපි අද ගෙනාපු තෙල් ටැංකිම තමයි එදත් ගෙනාවේ. එදා නොතිබුණු ප්‍රමිතියේ ගැටලු අද තියෙන්නේ කොහොමද? අපි මේ දේවල් කරන්නේ අද ඊයෙක ඉඳලා නෙවෙයි. අපි අපේ රටට බොහොම ආදරෙයි. ඉතින්, අපි කැමැතිද අපේ මිනිස්සුන්ට විෂ කවන්න.

ඒ කියන්නේ ඔබ ආනයනය කළ “අශුද්ධ පොල්තෙල්” වලවත් “ඇෆ්ලටොක්සින්” කියන පිළිකාකාරකය අඩංගු නැද්ද?

මෙහෙමයි, අපි ආනයනය කළේ “අශුද්ධ පොල්තෙල්”. ඒවායේ ඇෆ්ලටොක්සින් වර්ග හතරම වගේම පොලිසයික්ලික් ඇරෝමැටික හයිඩ්‍රොකාබන්, ෆැටි ඇසිට්, සිට්‍රික් ඇසිට්, වතුර සහ විවිධ වර්ගයේ යකඩ අංශු වගේ දේවලුත් මේ කියන “අශුද්ධ පොල්තෙල්” වල අඩංගු වෙලා තියනවා. මේවම තමා අපි මිට අවුරුදු ගාණකට කලිනුත් ගෙනාවේ. අනික රජය මඟින් අපිට අවසර දීලා තියෙනවා “අශුද්ධ පොල්තෙල්” ගෙන්නන්න.

එත් වෛද්‍ය මතය වන්නේ කිසිම විදිහකට මේ පිළිකා කාරකය පොල්තෙල්වලින් ඉවත් කරන්න බැහැ කියලයි?

ඒක බොරු කතාවක්. අපි ජීවත් වෙන්නේ හඳට යන්න රොකට් හදන, හඳට ගිය මිනිස්සු ඉන්න කාලෙක. ඉතින්, අපිට බැරිද මේ පිළිකා කාරක අයින් කරලා මිනිසුන්ට පිරිසිදු පොල්තෙල් ටිකක් දෙන්න.

ඒ කියන්නේ පිළිකා කාරක ඉවත් කරන්න පුළුවන්?

ඔව්, සියයට සියයක්ම පුළුවන්. අපේ පොල්තෙල් ඕනෑම ආයතනයකට දීලා පරීක්ෂා කරලා බලන්න. ඒ පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් කියන පිළිකා කාරකය ඇත්තෙම නැහැ. අපි අපේ පොල්තෙල් පිරිපහදු කරන ක්‍රමවේදයක් තියනවා. මුලින්ම මේ “අශුද්ධ පොල්තෙල්” වලට අපි විරංජන කුඩු (බිලිචින්) එකතු කරනවා. ඊට පස්සේ පොස්පරික් ඇසිට්, බිලිචින් අර්ත් කියන මැටි විශේෂය අඩංගු කුඩු සහ සක්‍රීය කාබන් එකතු කරනවා. මේ සියල්ලම සෙල්සියස් අංශක එකසිය දහයේදී රත් කරලා යන්ත්‍රානුසාරයෙන් පෙරීමකට ලක්කරනවා. එතකොට කලින් අපි එකතු කරපු රසායන ද්‍රව්‍යත් මේ ක්‍රමවේදයේදී පෙරිලා යනවා.

ඒ විතරක් නෙවෙයි අයෙත් සෙල්සියස් අංශක දෙසිය හතළිහට මේ තෙල් රත්කරනවා. ඊට පස්සේ තමයි අපි ආර්.ඩී.බී. පොල්තෙල් විදිහට මේවා වෙන්කරන්නේ. අන්තිමට ප්‍රමිති ආයතනය සහ ආහාර ආරක්ෂණ ඒකක වලට අපේ පොල්තෙල් වලින් කොටසක් පරීක්ෂණ සඳහා යොමුකරනවා. එකේදී ලැබෙන ප්‍රතිඵල අනුව තමයි අපි පොල්තෙල් වෙ​ෙළඳපොළට නිකුත් කරනවද නැද්ද කියල තීරණය කරන්නේ.

දැන් ඔබ කියන විදිහට ඔබේ ආයතනයේ පිරිපහදු කරපු පොල්තෙල් වල ‘ඇෆ්ලටොක්සින්’ ඇත්තෙම නැද්ද?

නැහැ, අඩු ගානේ දශමයක්වත් ඇත්තේ නැහැ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන්ද ඒ බව සනාථ කළේ?

නැහැ, ප්‍රමිති ආයතනය අපි පිරිපහදු කරපු පොල්තෙල් පරීක්ෂා කිරීම ප්‍රතිෂේප කළා. එත් අපි ආනයනය කරපු “අශුද්ධ පොල්තෙල්” නම් පරීක්ෂා කරලා ඒවගේ පිළිකා කාරක තියනවා කියල කිවුවා. එත් අපි දැන් පිරිපහදු කරපු පොල්තෙල් පරික්ෂා කරන්න දුන්නමත් “අපිට වැඩ තියනවා” කියලා ප්‍රමිති ආයතනය ඒවා ප්‍රතික්ෂේප කරනවා.

ඇයි ඔවුන් ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ?

ඇත්තටම දන්නේ නැහැ, ඔවුන් ඇයි එහෙම කරන්නේ කියලා. අපි කීප සැරයක්ම එයාලට ලියුම් යැවුවා, කෝල් කරලා කිවුවා අපේ පොල්තෙල් පරික්ෂා කරලා බලන්න කියලා. එතකොට අධ්‍යක්ෂතුමිය කිවුවේ දැන් බැහැ එයාලට වැඩ තියනවා කියලා. අපි ඒ නිසා කාර්මික තාක්ෂණ ආයතනයටත් මේ තෙල් පරික්ෂා කරන්න කිවුවා. එත් එයාලගෙනුත් ලැබුණු පිළිතුර වුණේ “අපි කාර්යබහුලයි” කියලයි.

ඊට පස්සේ මොන ආයතනයෙන්ද ඒ පරික්ෂාව කළේ?

අපි ලෝකෙම පිළිගත්ත “බියුරෝ වෙරිටෙජ් ආයතනයේ” ලංකාවේ තියන ශාඛාවට දුන්නා මේක පරික්ෂා කරන්න කියලා. ඔවුන්ගේ වාර්තාව ආවාම මම ගොඩක් සතුටු වුණා. එත්, “දියවැඩියා පරික්ෂා කරලා ලැබෙන රිපෝට් එකත් තැන් දෙකකට දුන්නම දෙවිදිහක්” වෙනවා වගේ නිසා අපි අයෙමත් අපේ පොල්තෙල් පරික්ෂා කරන්න වෙනත් ආයතනයකට දුන්නා. ඔවුන් තමයි එස්.ජී.එස්. පර්‌යේෂණ ආයතනය. එයින් ලැබුණු වාර්තාවත් ඉතාමත් සතුටු දායකයි. මේ වාර්තා දෙකෙන්ම අපිට දැන ගන්න ලැබුණා අපේ පිරිපහදු කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් කියන පිළිකා කාරකය බිංදුවයි කියලා.

ලංකාවේ මුලින්ම පිළිකා කාරක පොල්තෙල් තිබෙන බවට දැනුවත් කළේ සුළු පරිමාණ තෙල් මෝල් හිමියන්ගේ සංගමයයි. ඔවුන් දිගින් දිගටම චෝදනා කරන්නේ ඔබේ ආයතනය ලංකාවට පිළිකාකාරක පොල්තෙල් ගෙනවා කියල?

අපි දන්නේ නැහැ ඔවුන් මොන පදනමේ ඉඳලද අපිට එහෙම චෝදනා කරන්නේ කියලා. හැබැයි ඒ සංගමයේ ඉන්න තරුණයෙක්ව අපි හොඳටම හඳුනනවා. ඔහුගේ පියා මගේ සහෝදරයෙක් ළඟ තමයි රැකියාව කළේ. ඒ නිසා මේ තරුණයට දියුණු වෙන්න කියලා මගේ සහෝදරා ඔහුට තෙල් මෝල් දෙකක්ම තෑගී කළා. එහෙම කරපු අපිට තමයි එයාලා අද මෙහෙම කතා කරන්නේ. අනික, සුළු පරිමාණ තෙල් මෝල් හිමියන්ට මුළු රටටම දෙන්න පොල්තෙල් නැහැ. අද වුණත් එයාලා ගෙනියන්නේ අපේ පොල්තෙල්. ඊට පස්සේ එයාලා ළඟ තියන පොල්තෙල් එක්ක කවලම් කරලා ඔවුන්ගේ ලේබලේ ගහලා විකුණනවා. ඔන්න ඕකයි අද රටේ තත්ත්වේ.

මොකක්ද ඔවුන්ට තියන හේතුව ඔබට චෝදනා කරන්න?

මට හිතෙන විදිහට අප්‍රේල් කියන්නේ පොල්තෙල්වලට හොඳම මාකට් එකක් තියන කාලේ. දැන් වෙනකොට රටේ පොල්තෙල් හිඟයක් තියනවා. අපි වුණත් අපේ වාර්තාවන් නිවැරදි වනතෙක් ලංකාවට පොල්තෙල් ගෙන්වන්නේ නැහැ. කලින්ම මුදල් ගෙවලා වෙන්කර ගත්ත තෙල් නැව් පවා අපි ගෙන්වන එක නවත්තලයි තියෙන්නේ. ඒ නිසා රටේ බොරු පොල්තෙල් බයක් ඇති කරලා පොල්තෙල් මිල අහස උසට නග්ගන්න තමයි මේ අය උත්සාහ කරන්නේ. අනෙක් අතට පොල්තෙල් මිල අධික වුණොත් ආයෙත් ෆාම් තෙල්වලට මාකට් එක හැදෙනවා. අනික ආණ්ඩුව අපිට “අශුද්ධ පොල්තෙල්” ගෙන්වන්න අඩු බදු මුදලක් අය කරන්නේ රටේ මිනිසුන්ට පොල්තෙල් පරිභෝජනය වැඩි කරවන්නයි. එත් මේ අය චෝදනා කරන විදිහට “පොල්තෙල්” නොගෙන ආයෙත් මිනිස්සු “ෆාම් තෙල්” මිල දී ගන්න පෙළඹෙයි.

එත් කොප්පරා සහ කැබැලි පොල් පිටරටින් ආනයනය කරන්න සූදානමක් තියනවා. එතකොට පොල්තෙල් මිලට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද?

මේකයි අපිටත් ලොකු තෙල් මෝලක් තියනවා. ඒක තමයි ලංකාවේ තියන ලොකුම තෙල් මෝල. අපිට වුණත් කොප්පරා කිලෝ දහයකින් හදන්න පුළුවන් වෙන්නේ පොල්තෙල් කිලෝ එකක් විතරයි. අනික මේ විදිහට කොප්පරා කන්ටේනර් කීයක්නම් ගෙන්වන්න ඕනෙද පොල්තෙල් ටොන් එකක් හදන්න. මම හිතන්නේ නැහැ මේක ප්‍රායෝගික දෙයක් වෙයි කියලා.

ඒ විතරක් නෙවෙයි මෙයාලා ගෙන්වන්නේ කුරුට්ට තියන කොප්පරා. ඒවා වලින් තෙල් හදන්නත් බැහැ. පරිභෝජනයටත් ඉතාමත් නුසුදුසුයි. කෑමකට දාලා කෑවම කට කාරවන ගතියක් එනවා. එතකොට කොහොමත් මිනිස්සු පෙළඹෙන්නේ අගුණ වුණත් ‘ෆාම් තෙල්’ පරිභෝජනයට ගන්නයි. මේ හේතු නිසා රජය තීරණය කළා මිලෙනුත් අඩු ප්‍රවාහනයටත් ලෙහෙසි “අශුද්ධ පොල්තෙල්” ගෙන්වන්න. අනික අද රටේ මිනිස්සුන්ට සාධාරණ මිලකට පොල්තෙල් මිලදී ගන්න ලැබෙන්නේත් අපි “අශුද්ධ පොල්තෙල්” පිරිපහදු කරලා පිරිසිදුව අඩු මිලට වෙ​ෙළඳපොළට දෙන නිසයි.

ඔබේ ආයතනය මඟින් නිෂ්පාදනය කරන පොල්තෙල් කුමන වෙළෙඳ නාමයක් යටතේද වෙළෙඳපොළේ මිලදී ගන්න තියෙන්නේ?

අපි විශාල වශයෙන් කරන්නේ තොග පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීම. ඒ නිකුත් කරන්නෙත් “අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම” කියන වෙළෙඳ නාමය යටතේයි. තවත් අය අපෙන් පොල්තෙල් අරගෙන පාකිස්තානය, චීනය, ඇමරිකාව, මැද පෙරදිග කියන රටවල් වලට අපනයනය කරනවා. අපිත් පාකිස්තානයට පිරිපහදු කළ පිරිසිදු පොල්තෙල් අපනයනය කරනවා. ලංකාවේදී අපේ පොල්තෙල් ප්‍රතික්ෂේප වුණාට ඒ රටවලදී අපේ තෙල්වලට තියෙන්නේ හොඳ ඉල්ලුමක්. අනික අපි පරීක්ෂා කරලා බලනවා වගේම තමයි ඒ රටවලිනුත් අපේ පොල්තෙල් පරික්ෂා කරනවා. මේ අවුරුදු විස්සට එකම පොල්තෙල් තොගයක්වත් පිළිකා කාරක හෝ වෙනත් රසායන ද්‍රව්‍යයක් අඩංගුයි කියලා ඒ රටවල් ප්‍රතික්ෂේප කරලා නැහැ.

නමුත්, මේ මොහොතේත් පොල්තෙල් ගැන පාරිභෝගිකයෝ ඉන්නේ දෙගෙඩියාවකින්. එයට පිළියමක් තියනවද?

ඇත්තටම, මගේ නෝනත් මගෙන් ඇහුවා රටේ කතාවෙන පොල්තෙල් කතාව ඇත්තද කියලා. මොකද අපේ ගෙදරත් අපේ දුවගේ පොඩි දරුවටත් අපි දෙන්නේ අපේ කර්මාන්තශාලාවේ පිරිපහදු කරන පොල්තෙල්. ඒ නිසා මම හෝ අපේ ආයතනය හෝ කිසිම ලාංකිකයකුට පිළිකාකාරක පොල්තෙල් කන්න දෙන්නේ නැහැ. අපි කියන්න කැමැතියි විශ්වාසයෙන් යුතුව අපේ පොල්තෙල් පරිභෝජනය කරන්න කියලා.

හර්ෂණී දිසානායක
– aruna

මේ මොහොතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ප‍්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිඛිතව දන්වා තිබේ.

උන්වහන්සේලා විසින් මේ බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය මෙසේ ය.

අතිගරු ජනාධිපතිතුමා සහ සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත.

පළාත්සභා මැතිවරණය කඩිනම් කිරීමේ දේශපාලන වරද පිළිබඳව

පසුගිය දිනවල ඔබතුමා විසින් පළාත්සභා මැතිවරණය වහා පැවැත්විය යතු බව පැවසීම පිළිබඳව අප සැම විමතියට පත්වූයෙමු. නමුත් අප එම ප්‍රකාශය විග්‍රහ කරනු ලැබුවේ ඒ වන විට පැවැත්වීමට නියමිතව තිබූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම ඉලක්ක කර ගනිමින් කරනු ලැබූ උපක්‍රමික දේශපාලන ප්‍රකාශයක් ලෙසය. එසේ වුවත් එම ප්‍රකාශය මගින් ඉන්දියාවේ තීරණය වෙනස් නොවූ බව දැන් පැහැදිලිය. ඊට අමතරව ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහායට ඉදිරිපත් නොවීම පිළිබඳව අපගේ අප්‍රසාදය ඉන්දියානු රජයට ප්‍රකාශ කළ යුතු බව අපගේ පිළිගැනීමයි

ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටින අතර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට බලපෑම් සහගත ප්‍රකාශ නිකුත් කිරීම ද අපි දැඩි ලෙස හෙළා දකිමු. එය ඉතා පැහැදිලිවම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන තීන්දු තීරණ වලට ඇඟිලි ගැසීමක් මිස අන් යමක් නොවේ.

ඔබතුමා විසින් රටට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ලේඛනය මගින් මහජනයාට ලබා දුන් ප්‍රධාන පොරොන්දුව වූ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම නිසා මහජනයා තුළ අනාගතය පිළිබඳව ඉමහත් බලාපොරොත්තු ජනිත විය. ඊට අමතරව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරනු ලැබූ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව ඔබතුමා විසින් තව දුරටත් තහවුරු කරන ලදි. ඒ අනුව මහජන අපේක්ෂා අනුව සහ ඔබතුමා විසින් මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දුව අනුව නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාව දිය යුතු බව ඔබතුමා පිළිගන්නවා ඇත.

ඒ අනුව පහත සඳහන් හේතු මත නව ව්‍යවස්ථාව සම්මත කරනතෙක් පළාත්සභා මැතිවරණය කල් දමන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

01. මහජන අපේක්ෂා අනුව නව ව්‍යවස්ථාව මගින් පළාත්සභා ව්‍යුහය තුළ සහ බලතල පිළිබඳව වෙනස්කම් සිදුවීම සඳහා ඉතා ඉහළ සම්භාවිතාවක් ඇත. එම නිසා නව පළාත්සභා පිහිටුවිය යුත්තේ එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සහ ඊට අදාළ නව නීතිමය රාමුවකට අනුවය. එවැනි තත්වයක් තිබියදී පැරණි පළාත්සභා ක්‍රමය නැවත ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරනය කළ නොහැකිය.

02. නව ව්‍යවස්ථාව පිළිබඳව සැලකිල්ලක් නොදක්වා එම මහජන අපේක්ෂාවට පිටුපාමින් පළාත්සභා මැතිවරණය පැවැත්වුවද මහජනතාවගේ ‍දෙවන අපේක්ෂාව වන මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා නව පළාත්සභා පනතක් අවශ්‍යවේ. එම නව පනත කළබලකාරී ලෙස සම්මත කිරීමට උත්සාහ කළහොත් සීමා නීර්ණයන් පිළිබඳ බරපතල ගැටලු ඇතිවිය හැකි අතර ජාතිවාදී සහ ආගම්වාදී ලෙස කොට්ඨාශ බෙදීමේ අනතුරක්ද මතුවේ. එවැනි තත්ත්වයක් තුළ පැරණි ක්‍රමය යටතේ පැරණි පනත සංශෝධනය කොට මැතිවරණය පැවැත්වීමද මහජන අපේක්ෂාවලට පිටුපෑමකි. එම නිසා ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් පසුව බිහිවන පළාත්සභා හෝ වෙනත් සභාවක ව්‍යුහය සහ බලතල අනුව නව පනතක් සකස් කිරීම වඩා තර්කානුකූල වේ.

03. කෝවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් පවතින තත්ත්වයක් යටතේ සහ භයානක තුන්වන රැල්ලක් මතු වීමේ අවධානමක් තිබිය දී අත්‍යවශ්‍ය නොවන මැතිවරණයක් දේශපාන උවමනාවක් මත පැවැත්වීම මගින් පවතින ආණ්ඩුව මහජන අප්‍රසාදයට පත්විය හැකි ය.

04. පළාත්සභා මැතිවරණය කල් දැමීම සිදු වූයේ පසුගිය ආණ්ඩුුව සමයේ දීය. එම නිසා මැතිවරණ කල් දැමීම පිළිබඳව වර්තමාන ආණ්ඩුවට චෝදනා කිරීමට හැකියාවක් නැත. එවැනි තත්ත්වයක් තුළ මැතිවරණ කල් දැමීම නැමති චෝදනාවට බිය වී කලබලකාරී ලෙස මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරනය කළ නොහැකි ය.

05. පසගිය වසර තුනක කාලය තුළ පළාත්සභා නොමැතිවීම පිළිබඳව කිසිදු මහජන උද්ඝෝෂණයක් පැන නැඟුනේ නැත. එ් නිසා එම මැතිවරණය නව ව්‍යවස්ථාව සම්මත කරනතෙක් කල් දැමීම පිළිබඳව කිසිදු මහජන විරෝධයක් පැන නැඟීමට ඉඩක් නැත.

06. රට ආර්ථික අර්බුදයක ගිලී පවතින තත්ත්වයක් තුළ ආර්ථිකය උද්දීපනය කිරීම සහ මහජනයාට ආර්ථික ඉඩ ප්‍රස්ථා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය මුදල් වැඩි වශයෙන් යෙදවීම වැදගත්වේ. එවැනි අවස්ථාවක පළාත්සභා මැතිවරණය පැවැත්වීම සඳහා වැය කළ යුතු රු. කෝටි 500ක පමණ මුදල ඒ සඳහා වන හදිසි රාජ්‍ය පිරිවැය දැරීම සඳහා යොදා ගැනීම වඩා යෝග්‍ය වේ.

මෙම කරුණු සියල්ල පිළිබඳව සහ පොදු මහජන අපේක්ෂා සැලකිල්ලට ගෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරනතෙක් පළාත්සභා මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස නැවත වතාවක් ඔබතුමාවෙත අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මේ වගට,

පුජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි
පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමි
පූජ්‍ය කිරම විමලජෝති හිමි
මහාචාර්ය පූජ්‍ය ඉත්තැදෙමලියේ ඉන්දසර හිමි
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි
පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි
පූජ්‍ය වැලිමිටියාවේ ඥානරතන හිමි
ආචාර්ය කපුගොල්ලෑව ආනන්දකිත්ති හිමි

කොරෝනා මඟින් මුළු ලෝකයම වෙලා ගෙන අවසන්ය.රෝගය පැතිරයාමත් සමඟ මුළු ලෝකයම බියටත් පත් වූයේ ඒ සඳහා නිසි බෙහෙතක් නොතිබූ බැවිනි කෑගල්ලේ වෙද මහතෙකු ගේ පැණියකින් කොරෝනා සුවවන බව සැල වීමත් සමගින් බොහෝ දෙනෙකුගේ අවධානය ඒ දෙසට යොමුවිය වෙදමහත්තයගෙන් නම ධම්මික බණ්ඩාර යැයි පැවසූ බැවින් එම බෙහෙත ද ධම්මික පෙනිය නමින් හැඳින්විණි.

කාලි මෑණියන් සිහිනෙන් පැවසූ වට්ටෝරුවකට අනුව එම ඖෂධය නිපදවන බව ද තැන තැන පැවසිණි.මේ පැනය සොයා වෙද මහතාගේ කෑගල්ල ඔත්නාපිටියෙන් පිහිටි නිවෙසටත් උඩුමාගම දේවාලයටත් වැල නොකැඩී ආ සෙනඟ පැමිණිය.ධම්මික පැණි නොමිලේ බෙදාදෙන දනසැල්ද පැවැත්විණි.

මේ අතර මෙම ඖෂධය පිළිබඳ විවිධ පිරිස් නොයෙක් මත පළ කළහ.තවත් පිරිසක් වෙද මහතාගේ සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න මතු කළ හැක කොරෝනා එන්නත මෙරටට ගෙන ඒමත් සමග ජනතාව පැණියෙන් ඈත් වන්නට පටන් ගත්තේය.වෙද මහතා කොරෝනා එන්නද ලබාගත් බවට සමාජ මාධ්‍ය වල ඡායාරූප ද පළ විය.ඔහු පවසන්නේ එය තමන්ට මඩ ගැසීම සඳහා යොදා ගන්නා ලද බවය.

කාලයක් එක දිගට පුවත් නොවූ ධර්මික වෙද මහතා මේ වන විට නිහඬව ඇත.ධම්මික පැණියද ජනතාවගේ මතකයෙන් ඈත් වෙමින් ඇත.වෙද මහතාගේ වත්මන් තොරතුරු සොයා යාමට සිළුමිණ අදහස් කළේ එබැවිනි.

අප ධම්මික වෙද මහතා හමුවූයේ ඔහු පදිංචිව සිටින ඔත්නාපිටිය නිවසේදීය.පසුගිය දිනවල කොරෝනා පැණිය නිෂ්පාදනය කළේ ද එහිදීය.අද වන විට ඒ සඳහාවිට ඒ සඳහා යොදාගත් භාජන හා උපකරණ ද පැත්තක අසුරා ඇත. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය ලබාදුන්නා යැයි කියන කැබිලි කරන යන්ත්‍රයද පසෙකට දමා ඇත.නිවසින් එක් පසෙක කාලය වීදුරු බෝතල් දහස් ගණනකි තවත් පසෙක හිස් ගෑස් සිලින්ඩර්ය.මෙහි රැඳී සිටියා යැයි කියන වෙද මහතාගේ ආරක්ෂකයන් හෝ සේවකයන් ද එහි නැත.

දැන් මම මෙහෙත් හදන්නේ නැහැ බෙහෙත් හදන එක නතර වුණේ මී පැණි නැති නිසා චීනෙන් මී පැණි ටිකක් ගෙන්වාගත්තා දැන් මී පැණි ආවා බෙහෙත් අදනෙ නැහැ කියලා තීරණයක් ගත්තත් මම හිතුවේ ලංකාවේ covid ඇති කරන්නයි ලංකාවට විදේශ විනිමය අරගෙන දෙන්නයි ඒත් මේ රටේ වැඩි පිරිසක් බෙහෙතට කෙනෙහිලිකම් කරා ගිය අවුරුද්දේ මුල බෙහෙත හැදුවා නොවැම්බර් මාසේ වතුපිටිවල රෝහලේ සායනික පරීක්ෂණ සිදුකරලා යි බෙහෙත එළි දැක්වූයේ එළිදැක්වූයේ covid හැදුනු අයට දවස් තුනෙන් සනීප වුණා ලෙඩ්ඩු බලාගත්තා අයට මෙය බෙහෙත නිසා පොඩි වැළඳුණේ නැහැ.

ලංකාවේ නාවික හමුදාවේ මුල් වටයේ කොවිඩ් තුරන් කළේ මමයි.බය නැතුව මට එහෙම කියන්න පුළුවන් ඡායාරූප සමඟ මගේ ළඟ සාක්ෂි තිබෙන නිසයි.වරායට ගුවන්තොටුපල අරිනකොට යන්න තිබුණෙ නැහැ.ඒ අයට බෙහෙත් දුන්නේ මමයි.මේ බෙහෙත ධම්මික පැණිය උනෙත් මාධ්‍ය තුලින්මයි.මේ බෙහෙත දීපු කාටවත් මම උපදෙස් දුන් විදිහට මස් මාලු නොකා මත් පැන් නොබී සිටිය නම් කොවිඩ් හැදිලා නැහ.මම හදපු බෙහෙත ලක්ෂ විසිපහකට අධික පිරිසක් බිව්වා.ඒ අයගෙන් වැඩි දෙනෙක් කොවිඩ් පොකුරු ඇතුලේ හිටිය අයට කොවිඩ් බැඳුණේ නැහැ.

සමහර වෛද්‍යවරුන් මේ බෙහෙතට බොහෝ නින්දා කලා.කෑගල්ලෙන් ධම්මික පොකුරක් හැදී කීවා.ඔත්නාපිටිය බෙහෙත් හදන තැන පැණි පොරක් ඇදෙයි කීවා. එක දවසට දස දහසක් විතර සෙනඟ පොදි ගැසිමින් බෙහෙත ගන්න ආවත් ඒ කවදාවත් බිහිවුණේ නැහැ.

ධම්මික බණ්ඩාර යනු පාරම්පරික හෝ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවීය.එවැන්නකු ලෝකයක් වෙලාගත් රෝගයකට බෙහෙත් කරන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට පැනයක් විය.ධම්මික බණ්ඩාර යන නම ඔහු ගේ සැබෑ නම නොවන බවද සමහරු ප්‍රකාශ කර තිබුණි.ඒ පිළිබඳවත් ඔහුගෙන් විමසුවෙමි.

ඒක ඇත්ත මගේ නම ධනපාල මම ඒ වෙනුවට ධම්මික බණ්ඩාර ලෙස නම් අසා නම වෙනස් කළේ මීට අවුරුදු අටකට නවයකට විතර කලින් ඒක කළේ හාමුදුරුවන්ගේ ඉල්ලීමකට උන්වහන්සේලාට දෙනියාය ගැටබරු දේවාලයේ බස්නායක නිලමේ හැටියට මහා පත් කරගෙන යන්න මගේ නම ප්‍රශ්නයක් වුණා මගේ උපන් වෙලාව අනුව නැකැත් බලලා තමයි උන්වහන්සේලා මේ නම තිබ්බේ.

එහෙම නැතුව කොවිඩ් බෙහෙත නිසා නොවෙයි.නායක හාමුදුරුවන්ට ඕනෙ වුණා මාව ඉදිරියට ගෙනියන්න.මගේ තාත්තා මාතර අම්මා තමයි කෑගල්ලේ.

මේක දෙවියන්ගේ ඖෂධයක් මගේ අතින්ම තමයි මම මේක දෙන්නෙ.මට වෙද මහත්තයා කීවේ මාධ්‍ය තුළින්. කාලි මෑණියන් මගේ ඇඟට ආවේශ වෙලා තියෙන නිසා මට කියන්නේ මෑණියෝ කියලයි. තුම්මෝදර භද්‍රකාලි දේවාලයේ මෑණියෝ කීවාම ඕනෑම කෙනෙක් දන්නවා.මගේ දේවාලයෙන් අවුරුදු ගණනක් විවිධ රෝග වලට ප්‍රතිකාර කරනවා.බටහිර වෛද්‍යවරුන් සුව කරන්න බැහැ කියූ රෝගීන් කාලි අම්මාගේ ආශිර්වාදයෙන් මම සුවකරන තියෙනවා.ඒ වුණත් මම වෙදමහත්තයෙක් නොවෙයි.

ආයුර්වේදය කියන්නේ මේ රටට ඉන්දියාවෙන් ආව එකක් ඉන්දියාවට ආවෙ ඍෂිවරුන්ගෙන්.මේ ගැන හරි ගවේශනයක් කළොත් ඒක තේරුම් ගන්න පුළුවන්. ආයුර්වේද වේවා සිංහල හරි බටහිර හරි වේවා කෝවිඩ් වලට බෙහෙතක් නැතුව බියෙන් පෙළෙන වෙලාවකයි මම මේ බෙහෙත හදලා දුන්නේ. මගේ ඡන්මය හොයන්නේ නැතුව මේ බෙහෙත ගැන හෙව්වා නම් හරි. ඊයෙ පෙරේද පස්සර ලොකු රිය අනතුරක් සිදුවුණා.එතන තුවාල වූ අයගේ යනකොට රෙදි පටියක් ගැට ගැසූ කෙනා වෛද්‍යවරයෙක් නෙවෙයි හැබැයි ඒ කෙනාගේ ජීවිතය බේරගන්න එක වැදගත් වුණා මගේ බෙහෙතට ආයුර්වේද වෛද්‍යවරු එක එක දේ කීවා.මගෙන් බෙහෙත් වට්ටෝරුව ඉල්ලුවා මම වට්ටෝරුව දුන්නාම බෙහෙත් හැදුවත් වැඩක් වුණේ නැහැ අපි මේක හැදුවේ මෑණියන්ගේ අතින් අතින් මෑණියන්ගේ ආශීර්වාදයෙන්.

ධම්මික පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා ලබාදීමටද ධම්මික මහතාට හැකිවිය හැකි විය එහෙත් පැණිය පානය කළ සෞඛ්‍ය ඇමතිවරයාට කොවිඩ් වැලදීමත් සමඟ ජනතාව අතර යළි ඒ ගැන විවිධ මත පැතිරුණි ඒ සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙබන්දකි.

මම හදපු දේ ද ලක්ෂ 25 කට අධික පිරිසක් බිව්ව.ඒ අයගෙන් වැඩි දෙනෙක් කොවිඩ් පොකුරු ඇතුලේ සිටි අය ඒ අයට කොවිඩ් හැදුනෙ නැහැ කියල මම කලිනුත් කිව්වා. පාර්ලිමේන්තුවේදී මම කතානායකතුමාට මේ බෙහෙත දුන්නා සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බෙහෙත් බීව ඒත් එතුමියට කොවිඩ් හැදුනා.මම දුන් උපදෙස් පරිදි දින තුනක් බෙහෙත ලබා ගත්තා නම් එතුමියට කොවිඩ් හැදෙන්නේ නැහ.එතුමියගේ පවුලෙ අයත් ඒ ගැන කියල තිබුනා.පියල් නිශාන්ත ඇමතුමක් බෙහෙත බිව්වෙ නැහැ කියලා කියලා තිබුණා.

ඒ වගේම විමල් වීරවංශ ඇමැතිතුමා මේ බෙහෙත හරියට බිම නිසා කොඩිවැල් උතුරේ නැහැ කියලා රූපවාහිනි වැඩසටහනකදී කීවා.මාධ්‍ය එකක් දෙකක් හැර බොහොමයක් මේ තත්ත්වය විකෘති කරලයි වාර්තා කළේ කොරෝනා නිවාරණ ප්‍රතිශක්තිකරණ ජීව ශක්ති පානය ලෙස මං හදපු බෙහෙත ධම්මික පෙනී බවට පත්කළේ ජනමාධ්‍යයයි.මම ආයුර්වේද සභාවෙන් දුන් සහතික ප්‍රතික්ෂේප කළේ කොරෝනා නිවාරණ කියලා සහතික නොතිබූ නිසයි.

මේ බෙහෙත් දන්සල් දෙනවා වගේම අලෙවි කළ බවටත් තොරතුරු වාර්තා වුණා.කෝවිඩ් වලට බෙහෙතක් නොමැතිව තිබියදී මේ බෙහෙත ඔබට අලෙවි කළ කර ගැනීමට ලැබීමෙන් ලොකු වාසියක් අත්වූවාද අපි ඔහුගෙන් විමසුවෙමු.

මම ලංකාවේ උසම සමාධි බුදුපිළිමය බුදු පිළිමය හදන්න සැලසුම් කරලා තිබුණේ.ඒ සඳහා මා ළඟ තිබූ මුදල් මේ බෙහෙත හදන්න මම වියදම් කළා.මගේ ළඟ තිබුණු වාහන හයක් විකුණුවා.බැතිමතුන් දුන් මුදල,මගෙත් එක්ක වැඩ කරන අයගේ රත්තරන් බඩු පවා උගස් කරලා සොයා ගත් මුදල් වලින් තමයි අපි මේ බෙහෙත හැදුවේ කාගෙන්වත් සල්ලි ලැබුණේ නැහැ.ඒත් මේ බෙහෙතට අගෞරව කළා මිස කවුරුවත් උදව් කළේ නැහැ.

බෙහෙත් හදන්න අවශ්‍ය දෙය ගන්න මගේ සියලු දේවල් ඉවර කරලා මේකේ විකුණන්න තීරණය කළා.ඒක අර කෙනෙක් කියල තිබුන වගේ මගේ මගේ අණුවන කම වෙන්න ඇති.මම හිතුවේ මේ රට වෙනුවෙන් භද්‍ර කාලිකාලි මෑණියන් මට සියලු සැප සම්පත් දීලා තිබෙනවා බෙහෙත් වලට විදුලියට ගෑස් වලට ශ්‍රමයට යන ආදි වශයෙන් බලලයි බෙහෙත් බෝතලයක් රුපියල් දස දහසකටවත් බෝතල් කාලක් රුපියල් දෙදහස් පන්සියකට වත් මිල නියම කෙළේ ලැබුණු මුදල් චීනයෙන් මීපැණි ගේන්න යෙදෙව්ව.බෙහෙත් බෙදා දෙන විට විවිධ ප්‍රශ්න ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සිදු වුණා මෙතැනදි කාලේ බෝතල් හත් දහසකට වඩා බෙදා දුන්නා ගම දේවාලය ලඟදි 7672 බෙදා දුන්නා පූර්ව සෞඛ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති වලට පටහැනිවයි බෙහෙත් බෙදා දුන්නේ හැබැයි ඒ කාටවත් හැදුනේ නැහැ.

ධම්මික මහතා මේ බෙහෙත ගනිකා තරම් විශ්වාසයෙන් ප්‍රකාශ කලත් ඔහු කොවිඩ් එන්නත ලබාගත් බවට සමාජ මාධ්‍ය වල පළ වී තිබේ.අපි ඒ විමසූ විට මෙලෙස පිළිතුරු දුන්නේය.

මම නම් මේක ඒක දැක්කෙ නැහැ හෙදියක් මට මේ එන්නත ලබා දෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වල තිබෙනවා කියලා මටත් දැනගන්න ලැබුණා.ඒ දේශපාලනඥයෙකුට එන්නැති දෙන පින්තුරයකට මගේ ඔළුව බද්ධ කරලා නිර්මාණය ඡායාරූපයක්.මට අවශ්‍ය නම් ඒකට විරුද්ධව නීති මගින් කටයුතු කරන්නත් පුළුවන්.ඒත් මම දකින එකම දේ මම තව කෙනෙකුට වෛර කරන්නේ නැහැ.සමහර මාධ්‍යවලින් මට මඩවලින් අසුචි වලින් ප්‍රහාර එල්ල කලත් මම වෛරයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.

මම කැමති නැහැ දේශපාලනඥයන්ට.මට දේශපාලනයට ආරාධනා තිබෙනවා.නමුත් මම කැමති නැහැ හැබැයි මම මම දේශපාලනඥයන්ට බොහෝ උදව් කළ කෙනෙක්.මම මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. ස්වාධීනව කටයුතු කරනවා. ආශිර්වාද ගන්න පැමිණෙන බොහෝ දේශපාලනඥයන්ට මම උදව් කළා සමහර දේශපාලනඥයෝ මගේ බෙහෙත වදකහ සුදිය වගේ කීවා.තව සමහරු එන්ජින් ඔයිල් කීවා.හැබැයි ඒ කීව අයත් බෙහෙත බිව්ව.ඉහළම අය ඉල්ලන වෙලාවට බෙහෙත දෙන්න බැරි වුණාම දොස් කීවා මිස උදව් කළේ නැහැ.

දේශපාලඥයන් ඔහුට උදව් නොකළ බව කීවත් මේ රටේ ඉහළම දේශපාලනඥයකුගේ නියෝගයකින් ඔහුට රාජ්‍ය අනුග්‍රහයෙන් මී පැණි තොග පිටින් ලැබුණු බව සමහරු ප්‍රකාශ කරති.ඒ අතරම එක්තරා අමාත්‍යංශකින් රුපියල් ලක්ෂ 25 ක් වටිනා යන්ත්‍රයක්ද ලබාදී ඇති බව පැවසේ අපගේ පිළිබඳවද ධම්මික බණ්ඩාර මහතාගෙන් විමසුවෙමු.

ජනාධිපතිතුමා වන ජිවී දෙපාර්තමේන්තුව හරහා මට මී පැණි නොමිලේ ලබා දුන්නා කියලා කතාවක් ප්‍රචාර වී තිබෙනවා.ජනාධිපතිතුමා මට මේ පැණි ලබා දුන්නේ නැහැ. එතුමා මේ බෙහෙත පිළිගත්තේ නැහැ.වනජීවි කින් කිසිවකී කින් කිසිවක් ලැබුණෙත් නැහැ සමහර හාමුදුරුවරු මට මී පැණි හා සාදික්කා සොයා දුන්නා මුලදී රුපියල් 750 කට පැත්ත මේ පැණි බෝතලය රුපියල් 7500 කට ගන්න සිදුවුණා.සත 50 ට රුපියලට ගත්ත සාදික්කා ගෙඩිය රුපියල් දහයට 12ට ගියා.

කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයෙන් සාදික්කා සුද්දකරන යන්ත්‍රයක් ලැබුණා. ලක්ෂ 25ක යන්ත්‍ර නම් ලැබුන් නැහැ.මේ මැෂිම ලක්ෂ හතර හමාරයි.සාදික්කා ප්‍රවාහනයට ශීතකරණ පහසුකම තිබෙන කුඩා ලොරියක් ගත්තා එක ගත්තෙ පුතාගේ නමින් ලක්ෂ 25 ක් ණය අරගෙන එය නෑ දැන් ටික ටික ගෙවාගෙන යනවා මෑණියන්ගේ බලයෙන් මගෙන් ප්‍රතිකාර ගත් විදේශ රටක ජීවත් වෙන විශේෂඥ වෛද්‍යවරයෙක් මට ලබාදුන් ජීප් රථය තමයි මම දැන් පාවිච්චි කරන්නේ සුව කළ නොහැකි බව කියන රෝග වලින් මගින් ප්‍රතිකාර ලබාගෙන සුව වූ අය සිටිනවා.

මගෙ ළඟ ළමයි 8 දෙනෙක් විතර උදව්වට හිටිය මගේ ලගා මගේ ලග පෞද්ගලික ආරක්ෂාවට කිසිවෙක් හිටියේ නැහැ.මගේ අම්මා මගේ ආරක්ෂාවට සිටිනවා.මගේ ළඟ සිටින ළමයි මම බලාගන්නවා.අවුරුද්දක කාලයක් බෙහෙත නොමිලේ ලබාදුන්නා.එන්නත එනවත් එක්කම මේ පැණි නැතුව බෙහෙත හදන එක නතර වුණ.මට කිසිම දෙයක් නැති වුණා ළඟ හිටපු අය නැති වුණා එකෙන් කම්පා මම හදිසියේම අසනීප වුණා.

මේ අවශ්‍ය දේ විදේශ රටවල් හතරක පහක පරීක්ෂණ තත්වයේ තිබෙනවා.ඖෂධය ඒ රටවලට යවන්න නම් නියෝජිතයෙක් අවශ්‍ය බව කියනව.මේ අවශ්‍ය දේශීය ආයතන වලින් වලින් යුක්ත ඉල්ලූවා ඒ අය බෙදාහරින්නන් කියලා.මේක දෙවියන්ගේ ඖෂධයක්.එහෙම විකුණගෙන කන්න දෙන්න බැහැ .මතු බුදුවන භද්‍රකාලී මෑණියන්ට පින් පිණිස මම පුළුවන් තරම් කාලයක් දේවාලයේ දී බෙහෙත් කරනවා ඉල්ලන කෙනෙක්ට දෙන්න දැනටමත් මගෙ ළඟ කොවිඩ් වලට හරි හෙට තියෙනවා.පද්මාසනය සමඟ අඩි එකසිය පනස් හයක් විතර උස ලංකාවේ උසම සමාධි පිළිම පිළිම වහන්සේ ඉදිකිරීමක් මගේ සිහිනයක්.

– සිළුමිණ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (28) දිනයේ තවත් පෙත්සම් 21ක් ගොනු කෙරිණි. ඒ අනුව අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මුලු පෙත්සම් ගණන 39කි.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ද අද 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනු කර තිබිණි. ඔහු මෙයට පෙර මැතිවරණ පැවැත්වීමට එරෙහිව ද අධිකරණයට ගියේය. කෙසේ වුවද මහින්ද දේශප්‍රිය සඳහන් කළේ තමා තවමත් මැතිවරණ කොමිසමේ සාමාජිකයකු නිසා 19 හෝ 20 ගැන අදහස් දැක්වීමට නොයන බවය.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක, සිරිලක ජනතා පෙරමුණ වෙනුවෙන් නීතිඥ පී. ලියනාරච්චි සෙසු පෙත්සම් ගොනු කළ පිරිසට සිටිති.

නීතිඥවරු සහ නීතිඥවරියෝ 20 දෙනෙක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විශේෂ පෙත්සමක් ගොනු කළහ. මෙම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට හැකියාව ඇති බවත් ඒ තුළින් ජනතාවට එම පනත් කෙටුම්පත් අධිකරණයේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව අහිමි වන බව පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.

සියලු මෙම පෙත්සම් හෙට දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

කවුරු කෙසේ කීවත් එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසයි.

තමන්ගේ ජනතාවට සිදු වූ අසාධාරණය හේතුවෙන් ඔවුන්ට යුද්ධයකට බැසීමට සිදු වූ බව ද විග්නේෂ්වරන් පෙන්වා දෙයි.

2009 මැයි මස 18 වැනි දින ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ සාමාන්‍ය ජනතාවට ලක්ෂයක් මරා දැමූ බවටද ඔහු චෝදනා කරයි.

දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ පැරණිම භාෂාව බවත් දෙමළ ජාතිකයන්ගේ නිජබිම ශ්‍රී ලංකාව බවත් පැවසූ ඔහු මහාවංශ ඇති දේවල් සත්‍ය නොවන බව ද සඳහන් කළේය.

ආචාර්ය පද්මනාදන් හමු වූ අවස්ථාවේ අවුරුදු 3000ක් තිස්සේ ලංකාවේ දෙමළ භාෂාව භාවිත වූ බවට ඕනෑ තරම් සාක්ෂි ඇතැයි ඔහු සඳහන් කළ බව ද විග්නේෂ්වරන් පෙන්වා දුන්නේය.

දෙමළ ජාතිකයන් මෙරට පැරණිම ජාතිය බව පෙන්වීමට තමන් සතුව සාක්ෂි ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

තම දරුවන් සිංහලයින් සමග විවාහ වූයේ තමා දේශපාලනයට පැමිණීමට පෙර නිසා දැන් තමන්ට ඒ සඳහා කළ හැකි දෙයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

දෙරණ නාලිකාවේ මොකද වුණේ වැඩසටහනට එකතු වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

දැනට පරාජයට පත්වී ඇති හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරුන් 25 දෙනෙකු පිළිබඳ වාර්තා වෙයි. මේ පිරිස එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේලය නියෝජනය කරමින් තරඟ වැදිණි.

1.තලතා අතුකෝරළ
2.චතුර සේනාරත්න
3.විජිත් විජයමුණි සොයිසා
4.සුනිල් හඳුන්නෙත්ති
5.නිරෝෂන් ප්‍රේමරත්න
6.ලක්ෂ්මන් යාපා අබේවර්ධන
7.වජිර අබේවර්ධන
8.නලින්ද ජයතිස්ස
9.පාලිත තෙවරප්පෙරුම
10.සුසන්ත පුංචිනිළමේ
11.නවීන් දිසානායක
12. රවී කරුණානායක
13. රනිල් වික්‍රමසිංහ
14. දයා ගමගේ
15. අකිල විරාජ්
16. අශෝක අබේසිංහ
17. J.C අලවතු වල
18. පාලිත රංගේ බණ්ඩාර
19. බිමල් රත්නායක
20. මනෝජ් සිරිසේන
21. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
22. අර්ජුන රණතුංග
23. රුවන් විජේවර්ධන
24. AHM ෆවුසි
25. කරුණාරත්න පරණවිතාන