ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධ විශේෂඥයකු මෙන්ම ආසියාවේ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයෙකු ලෙස සැලකෙන ආචාර්ය සිරාන් උපෙන්ද්‍ර දැරණියගල මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විය එතුමා අසූ හැවිරිදි වියෙහි පසුවිය.

මෙරට විසූ කීර්තිමත් පඬිරුවනක හා ඉතිහාසඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීමත් පෝල් ඊ. පීරිස් දැරණිගල මහතාගේ පුත්‍ර රත්නය මෙන්ම වත්මන් එක්නැලිගොඩ වලව්වේ හිමිකාරත්වය දරන එතුමෝ මෙම ප්‍රාග් ඓතිහාසික විෂය ක්ෂේත්‍රය පිළිබඳ ලොව විසූ ඉහළ ම විද්වතකු ලෙස සැලකිනි.

සිරාන් උපේන්දු දැරණියගල 1942 දී රත්නපුර දී උපත ලැබී ය. ඒ ලංකා ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යාක්ෂවරයෙකු වන පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් දැරණියගල මහතාගේ තෙවැනි දරුවා ලෙස ය. ඔහුගේ මව ප්‍රීනි මොලමුරේ වූවා ය. මුත්තණුවන් වූයේ ශ්‍රීමත් දැරණියගල පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් සමරසිංහ සිරිවර්ධනය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලින් පාසල් අධ්‍යාපනය ලැබූ හෙතෙම කේම්බ්‍රිජ් ත්‍රිත්ව විදුහලෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගත්තේ ය. ඒ වාස්තු විද්‍යාව සහ සංස්කෘත භාෂාව යන විෂයයන්ගෙනි. ඉන්පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයන් පුරාවිද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් ලැබී ය. එහි දී ගෞරව සාමාර්ථ සහිත ව සමත් වන හෙතෙම පුරාවිද්‍යා විෂයේ සෑම අංශයක ම දක්ෂතා පෙන් වූ හොදම ශිෂ්‍යයාට හිමි වන ගෝර්ඩන් චයිල්ඩ් සම්මානය දිනාගත් දෙදෙනාගෙන් එක් අයෙක් ද විය.

1968 වසරේ දී ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස් වශයෙන් පත්වීම් ලැබුවේ ය. 1969 දී අනුරාධපුරයේ ඇතුළුනුවර ගෙඩිගේ ප්‍රථම වරට ඔහු විසින් කැනීමට ලක් කළේය. ඉන්පසු අදින් වසර 130 000ක් පැරණි ඉරණමඩු පාංශු සංගතිය යනුවෙන් හැදින්වෙන නැඟෙනහිර වෙරළ තීරයේ ගවේෂණය කරා ඔහුගේ අවධානය යොමු විය. එම ගවේෂණයේන් ලබාගත් දත්ත ඇසුරින් සකස් කළ නිබන්ධනය උදෙසා හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ද හෙතෙම සමත් විය. ඒ 1998 දී ය. The Pre History of Sri Lankan ( vol i – ii – 1992) එතුමා රචිත විශිෂ්ට කෘතියකි.

1992 දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ සිරාන් දැරණියගල 2001 දක්වා ඒ තනතුරේ කටයුතු කළේ ය. එතුමන් පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයට සිදුකළ දායකත්වය තවත් ශතවර්ෂයකටවත් ආවරණය කළ නොහැකි මට්ටමේ සේවයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සමුළුවට ගොස් කිසිවෙකු ලියා දුන් පිටපතක් කියවා පැමිණි බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් පවසයි.

ඔහු එහි දී සිදුකළ ප්‍රකාශ සහ පසුගිය සමයේ රටේ සිදු වූ දෑ අතර කිසිදු ගැලපීමක් නැතැයි ද රාසමානික්කම් පෙන්වා දෙයි.

රුවන්වැලි සෑය අසල දිවුරුම් දී දළදා මාළිගාවේ කැබිනට්ටු පත්කර සිංහල බෞද්ධ නම් බොරුවක් පවත්වා ගෙන යාමට පසුගිය සමයේ කටයුතු කළ බවට ද හෙතෙම චෝදනා කරයි.

එක ජාතියක් එක ආගමක් පදනම් කරගෙන දේශපාලනය කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය කළේ ද ඔහු ගෙන ආ බොරු මතවාදය දිගට ම පවත්වා ගෙන යාමට නොහැකි වූ නිසා අසතුටට පත් ස්වාමීන් වහන්සේ නමක් බවට ද වර්තමාන ජනාධිපතිවරයා ද එය මතක තබාගත යුතු බවට ද ශානක්කියම් අනතුරු ඇඟවූයේ ය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබති.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි. සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීම්ය.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියන් සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයකි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකය.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා විහාරස්ථානවල දී හා ඉන් පිටත දී ජනතාව එක්රැස් වන සේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන් ම වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව සංවිධානය නොකොට මෙවර නිවෙස් තුළ දීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින් අනන්ත වූ බුදු ගුණයන්ගෙන් ශෝභිත වූ තථාගතයන් වහන්සේගේ උතුම් තෙමඟුල සැමරීමට මෙවර සිදුව තිබේ.

මේ වන විට කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 70 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ප්‍රජා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසයි.

කුඩා දරුවන් පිළිබඳ හා ගැබිනි මව්වරුන් සම්බන්ධ සායන හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ස්ථානවල සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව ද ගැබිනි මව්වරුන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද ඇය සඳහන් කළාය.

මේ වන විට පැතිරෙන කොවිඩ් ප්‍රභේදය දරුවන්ට හා ගැබිනි මව්වරුන්ට වැළඳීමේ වැඩි අවදානමක් ඇති බව ද වෛද්‍යවරිය පැවසුවාය.

ඒ අනුව කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂා වීමට ගැබිනි මව්වරු කළ යුතු සෞඛ්‍ය පුරුදු කිහිපයක් මෙසේ ය.

*මුව ආවරණ භාවිතය අනිවාර්ය වේ.
*හැකි තරම් ගමන් බිමන් සීමා කළ යුතුය.
*කණ්ඩායම් එක්රැස් වන ස්ථානයන්ට යෑමෙන් වැළකිය යුතුය.
*වෙළෙඳසැල් වෙත යාම හැකි තරම් අවම කළ යුතුය.
*කෘත්‍රීම ආහාර ගැනීමෙන් වැළකීම.
*නිවසේ දී ආහාර පිළියෙළ කිරීමේ දී නිතර දෑත් පිරිසිදුවට තබා ගැනීම.

වරාය නගර කොමිසමේ සියලූ‍ සාමාජිකයින් ශ‍්‍රී ලාංකිකයින් විය යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

පසුගියදා (25) කොළඹ සම්බුද්ධත්වය ජයන්ති මන්දිරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එසේ කී හෙතෙම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නමින් අපි මේ මුල පුරමින් සිටින්නේ ශ‍්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් විශාල බලපෑමක් කළ හැකි දැවැන්ත ව්‍යාපෘතියකටයි. ඒ නිසා අප සියලු දෙනාගේ යුතුකම සහ වගකීම එහි සාර්ථකත්වය සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමයි.

කොළඹ වරාය නගරය කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයින් ගැන ඇත්තේ එකම වගන්තියක් විතරයි. ඒ ජනාධිපතිවරයා විසින් අවම සාමාජිකයින් 5ක් සහ උපරිම සාමාජිකයින් 7ක් දක්වා කොමිසම් සභාවට සාමාජිකයින් පත්කළ යුතුයි යනුවෙන්. ඒ පත් කිරීම් වෙනත් කිසිදු නිර්ණායකයකට හෝ වෙනත් ආයතනයක සුපරීක්ෂණයකට හෝ යටත් කිරීමක් මෙහිදී සිදු කර නැහැ.

මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අවස්ථා දෙකකදී වරාය නගරයේ පරිපාලනය සම්බන්ධව සංකල්ප පත‍්‍රිකා දෙකක් ඉදිරිපත් වී තිබෙනවා. පළමු වැන්න, පැවැති යහපාලන රජය සමයේ, එනම් 2019 සැප්තැම්බර 09 දිනැති සංකල්ප පත‍්‍රිකාව. ඒ වගේ ම අපේ ආණ්ඩුව යටතේ, 2020 ජුනි 16 වැනිදා අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත්කළ සංකල්පීය පත‍්‍රිකාවක් ද සාකච්ඡුාවට බඳුන් වී තිබෙනවා.

මේ පත‍්‍රිකා දෙකම වරාය නගරය යම් අමාත්‍යංශයක් යටතේ පැවැතිය යුතුය යන පදනමේ සිට සකසා තිබෙනවා. ඒවගේම මේ පත‍්‍රිකා දෙක තුළම වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයින් ලෙස මේරටේ රාජ්‍ය සේවයේ විවිධ නිලතල දරන්නන් නිල වශයෙන් පත්විය යුතු බවට යෝජනා වී තිබෙනවා. පැවැති ආණ්ඩුව සිය පත‍්‍රිකාව මඟින් කොමිසමේ සාමාජිකයන් ලෙස මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ආදි වශයෙන් රජයේ නිල තනතුරු දරන පිරිසක් පත්විය යුතු බව යෝජනා කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ ඉදිරිපත් කළ සංකල්ප පත‍්‍රිකාවෙන් එය තව දුරටත් ඉදිරියට ගෙන ගොස් සභාපතිට අමතරව සාමාජිකයින් දහ දෙනෙක් පත්විය යුතු බවත්, ඒ සඳහා මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා, කොළඹ වරාය නගරය භාර අමාත්‍යංශයේ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා, ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා, විනිමය හුවමාරු කොමිසමේ සභාපතිතුමා ආදීන් නිල වශයෙන් පත්විය යුතු බවත් යෝජනා කර තිබෙනවා.

මේ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ශ‍්‍රී ලාංකිකයින් වන නිසා පෙර කී යෝජනා දෙක අනුවම වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයින් බහුතරය නිතැතින්ම ශ‍්‍රී ලාංකිකයින් වීම සහතික කෙරෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නිල වගකීමක් හොබවන පිරිසක් කොමිසමේ බහුතරය බවට පත්වෙනවා. එයට අමතරව ඉහත සංකල්පීය පත‍්‍රිකාවන්හි සාමාජිකයින් තිදෙනකු පත්කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට නැත්නම් කොළඹ වරාය නගරය භාර අමාත්‍යංශයේඇමැතිවරයාට හිමිව තිබෙනවා.

මේ වගේ හරවත් සංවාදයකට පසු කිසිම නිර්ණායකයක් නොමැතිව ජනාධිපතිවරයා විසින් කොමිසමේ සාමාජිකයින් පත්කළ යුතුය කියන ස්ථාවරයට යෑම අපට තේරුම් ගත නොහැකි කාරණාවක්. අපි මෙතැනදී සලකා බැලිය යුත්තේ වර්තමාන ජනාධිපතිවරයා ගැන පමණක් නෙමෙයි. වරාය නගරයේ අන්තර් කාලීන කටයුතු අවසන් වන විට 2028 වෙනවා. ගොඩනැඟූ සමාගම සමඟ අප අවුරුදු 100ක් සඳහා ගිවිසුමකට බැඳී සිටිනවා. මේ කාලය තුළ අවම වශයෙන් ජනාධිපතිවරණ 20ක් පැවැත්වීමට නියමිතයි.

යුතුකම සංවිධානය විදිහට අපි විශ්වාස කරනවා, මේ කොමිසමේ සියලූ‍ සාමාජිකයින් ශ‍්‍රී ලාංකික පුරවැසියන් විය යුතු යි කියා. ඒ වගේම මේ කොමිසමේ බහුතරය මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ආදි රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විය යුතුයි කියා.

බොහෝ දෙනෙක් වරාය නගර කොමිසම ගැන කතා කරද්දී 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පත් කළ මහ කොළඹ ආර්ථික කොමිසම ගැන කතා කරනවා. එහෙත් යම් යම් දේශපාලන කැළඹිලි මැදින් අපි එතැන් සිට, 17 වන, 18 වන, 19 වන සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන ඔස්සේ ගමන් කරතිබෙනවා.එමඟින් ජනාධිපතිවරයාගේ පත්කිරීම් යම් ආකාරයකට පාර්ලිමේන්තුවට යටත් කෙරෙන, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ සුපරීක්ෂණයකට ලක් කෙරෙන තත්ත්වයක් නිර්මාණය කොට තිබෙනවා.

78 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිපති, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පත්කිරීමේ බලය තිබුණා. එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඒ පත්කිරීම් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත් කළා. 20 වන සංශෝධනයට අනුව ඒ පත්කිරීම් කථානායක, අගමැති, විපක්ෂ නායක ප‍්‍රධානත්වය දරන පාර්ලිමේන්තු කවුන්සිලයට දැනුම් දිය යුතුයි.ඒ කවුන්සිලයේ නිරීක්ෂණ ලබාගත යුතු යි.

පහුගිය ආණ්ඩුව ඉදිරිපත් කළ සංකල්පීය පත‍්‍රිකාවේ වරාය නගර කොමිසම් සභාවට ජනාධිපති කරන පත්කිරීම් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කළ යුතු බව සඳහන් වෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරිපත් කළ සංකල්පීය පත‍්‍රිකාවෙත් ඒ කාරණාව සඳහන් වෙනවා. ඒ සංකල්පීය පත‍්‍ර තවදුරටත් දියුණු කිරීම වෙනුවට ඒ කරුණු අපේ ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පතින් මඟ හැරුණේ කොහොමද කියන කාරණය අපට වටහාගන්න අපහසුයි.

මෙහිදී මතුවිය හැකි ප‍්‍රශ්නයක් තමයි කොළඹ වරාය නගරය ලෝකයේ ආර්ථික මර්මස්ථානයක් බවට පත්කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ඇති විදේශීය විශේෂඥයන් ගේ සහාය ලබාගන්න බැරිද කියන කාරණය. එහෙත් එය ප‍්‍රශ්නයක් නොවෙයි. වරාය නගරය පාලනය සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්, විශේෂඥයන්, උපදේශකයින් පත්කර ගැනීමේ සම්පූර්ණ අයිතිය කොමිසමට ඇති බව මේ පනත් කෙටුම්පතේම සඳහන් වෙනවා. ඒනිසා කොමිසමට පුළුවන් අවශ්‍ය නම් විදෙස් විශේෂඥයින් සේවයට බඳවා ගෙන වරාය නගරය ගොඩනඟන්න. ඔවුන්ගේ දැනුම භාවිත කරන්න.

ඒ වගේ ම වරාය නගරයේ පොදු කටයුතුවලට වෙන් වන ඉඩම්වලට අමතරව චීන සමාගමට සහ ලංකා ආණ්ඩුවට අයත් ඉඩම් විවිධ ව්‍යාපාර කටයුතුවලට බදු දීමේ අවස්ථාව තිබෙනවා. 7 වන පිටුවේ 6. ඉ, ඊ. වගන්තිවලින් ඉඩම් ප‍්‍රදානය කිරීමේ බලයත් කොමිසමට පවරා තිබෙනවා. මේ සියලූ‍ ඉඩම් රාජ්‍ය අයිතියට යටත්ව පැවැතිය යුතු බවත් ඒවා ව්‍යාපාරික කටයුතු සඳහා බදු දීම මිස මුළුමනින් පවරා දීමක් සිදු නොවිය යුතු බවත් අප විශ්වාස කරනවා.

ඒ වගේ ම වරාය නගරයේ ආයෝජකයින්ට වුවමනා මධ්‍යම පරිසර අධිකාරිය, ශ‍්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රජයේ ආයතන මඟින් ලබා ගතයුතු අනුමැතියන් කොමිසම මඟින් ම ලබාදීමට මේ පනත් කෙටුම්පතේ 3 වන පිටුවේ 5 වන වගන්තියේ යෝජනා කර තිබෙනවා. එහි කොමිසම් සභාව අදාළ රාජ්‍ය ආයතන වෙත සිදු කරන ඉල්ලීම් සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙමින් වහාම අදාළ එකඟත්වය ලබාදිය යුතු බව සඳහන් වෙනවා. ඒසඳහා ප‍්‍රමුඛත්වය ලබා දීම කිසිම ප‍්‍රශ්නයක් නෙමෙයි. එහෙත් මධ්‍යම පරිසර අධිකාරිය හෝ මහ බැංකුව හෝ වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයක් මඟින් කළ යුත්තේ කොමිසම යොමු කරන ව්‍යාපෘති යෝජනා සඳහා අනුමැතිය ලබා දිය හැකි නම් කඩිනමින් අනුමැතිය ලබාදීම හෝ නොහැකි නම් ඒසඳහා හේතු දැක්වීමයි. අදාළ වගන්තියෙන් අදහස් කරන්නේ මේ ක‍්‍රියාවලිය විය හැකියි. එහෙත් මෙය පනතක් නිසායි. පසුව ඒ වගන්තිය අධිකරණයකදී වෙනත් ආකාරයක අර්ථ දැක්වීමක් සඳහා භාවිත කළ හැකි නිසා යි, අපි එය පෙන්නුම් කරන්නේ.

දිවයින

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක පාස්කු ප්‍රහාරයේ දී මරා ගෙන මැරුණු සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශ කළ මුල් ම පුද්ගලයා අසාද් සාලි බව රාජිත සේනාරත්න පවසයි.

එහෙත් ආර්ථික ප්‍රශ්න, වංචා දූෂණ, කොවීඩ් අර්බුදය, එන්නත්කරණය අසාර්ථක වීම හමුවේ අසරණ වී ඇති ආණ්ඩුව සිංහල බෞද්ධයින් චූන් කිරීම සඳහා අසාද් සාලි අත්අඩංගුවට ගත් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එසේ ම රිෂාඩ් බදියුදීන්ගේ නිවසට රාත්‍රී කඩාපැන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පවා කඩමින් ඔහු අත්අඩංගුවට ගත් බවට ද ඔහු ආණ්ඩුවට චෝදනා කරයි.

රිෂාඩ් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගත්තේ එක්තරා පූජකයෙකු සතුටු කිරීමට බවත් ඔවුන් වරදක් නොකළ බව ජනපති අගමැති මෙන් ම බැසිල් රාජපක්ෂ ද දන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ වන විට ආණ්ඩුව හරීන් ප්‍රනාන්දු දෙසට හැරී ඇති බවත් මෙලෙස විපක්ෂය මර්දනය කළ පමණින් කොවිඩ් වසංගතය සඳහා පිළිතුරු නොලැබෙන බවත් රාජිත සේනාරත්න අවධාරණය කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් අද (27) ඔහු මේ බව ප්‍රකාශ කළේය.ජ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තා අනුව පෙර වසරට සාපේක්ෂව 2021 ජනවාරි – පෙබරවාරි මාස දෙක තුළ දී කුළුබඩු අපනයන ආදායම ඩොලර් මිලියන 38.1 සිට ඩොලර් මිලියන 75.2 ක් දක්වා 97.1%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබේ.

කුළුබඩු අපනයන සැලකීමේ දී ගම්මිරිස්, කුරුඳු, සාදික්කා සහ වසාවාසි අපනයන ආදායම ඉහළ යෑම සඳහා මිල ගණන් මෙන්ම අපනයන පරිමාව ද දායක වූ අතර, කරාබුනැටි අපනයන ආදායම ඉහළ යෑම සඳහා අපනයන පරිමාව ඉහළ යාම දායක විය.

2021 වසරේ පෙබරවාරි මාසයේ දී කෘෂිකාර්මික අපනයන ආදායම පසුගිය වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 5.9කින් ඉහළ ගිය අතර මේ සඳහා ප්‍රධාන වශයෙන් කුළුබඩු, පොල් සහ තේ අපනයන දායක විය.

මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් තේ අපනයනයෙන් ඉහළ ආදායමක් ලැබුණු අතර අපනයනය කරන ලද තේ පරිමාවේ පහළ යෑමක් වාර්තා විය. ප්‍රධාන වශයෙන් පොල් කෙඳි අපනයනය හේතුවෙන් පොල් අපනයන ආදායම ඉහළ ගියේය.

ආහාරයට ගත හැකි ඇට වර්ග ආදී වූ සුළු කෘෂිකාර්මික අපනයන සහ මුහුදු ආහාර අපනයන ආදායම සැලකිය යුතු ලෙස පහළ ගියේය.

මිනිසුන් තේරුම් අරගෙන අලුත් අවුරුද්ද සතුටින් ගත කරන්න යැයි රංජන් රාමනායක අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

පරණ අවුරුද්දේ උවමනාම විට දාලා ගිය අයටත් දිය යටින් ගින්දර ගෙන ගිය අයටත් එකට සිට බෙල්ල කැපූ අයටත් වාසියට පමණක් ළඟට ආ අයටත් ඉගැන්වූ පාඩම්වලට ස්තූති යැයි එහි දැක්වෙයි.