මේ මොහොත වන විට කොවිඩ් රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බවත් රජයට සියලු ම රෝගීන් නිරෝධන මධ්‍යස්ථානවලට යොමු කිරීමේ හැකියාවක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

කොවිඩ් රෝගය ආසාදනය වී සුවය ලැබීමෙන් අනතුරුව සිය නිවස වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යාවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහන් මෙසේ ය.

“පසුගියදා මා හට වැළඳුණු කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ පසු මම නැවත නිවස වෙත පැමිණෙයෙමි. මා හට ප්‍රතිකාර කළ වෛද්‍ය අනුරාධ මැතිතුමා ඇතුළු වෛද්‍ය කණ්ඩායමටත් ජයවර්ධන මහත්මියටත් ආදිහෙට්ටි මහත්මියටත් ඉන්දිවරී මෙනවියටත් සහ හර්ශනි මෙනෙවියටත් මම විශේෂ වශයෙන් ස්තූතිවන්ත වෙමි. මා නැවතී සිටි හික්කඩුවේ හොටෙල් ලන්කා සුපර් කොරල්ස්හි කාර්ය මණ්ඩලයත් ආදරයෙන් සිහිපත් කරමි.

එසේ ම මා කෝවිඩ් ආසාදිත වූ දා පටන් මා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ මහා සංඝරත්නයටත් අන්‍යාගමික පූජක උතුමන්ලාටත් කුරුණෑගල දිස්ත්‍රිකයේ ජනතාව ඇතුළු මුළු දිවයින පුරා ම සිටින මා හිතාදර ජනවතාවට ද ස්තූතිවන්ත වෙමි.

එමෙන් ම රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන මේ කොරෝනා වෛරසය සියලු දෙනාවම නතු කරගනිමින් සිටියි. එනිසා ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, රස නොදැනීම ආදී ලක්ෂණ තිබෙනවා නම් ඔබ පළමුවෙන් ම ඔබගේ පවුලේ සාමාජිකයන්ගෙත් ඈත් වී ස්වයංව නිරෝධායනය වෙමින් ඔබට ළඟ ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මත්මයාව දැනුවත් කරන්න. එලෙස වගකීම් සහගත වීමෙන් අපට මේ රෝගය යම්තාක් දුරකට හෝ මැඬලීමේ හැකියාව පවතියි.

මේ මොහොත වන විට කොරෝනා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැත. මන්ද වෛද්‍ය කාර්ය මණ්ඩල සීමිත වීම සහ නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රජයට දැරිය නොහැකි විශාල මුදලක් වියදම් වීමයි.

ඒ නිසා මම රජයෙන් සහ සෞඛ්‍ය අංශවලින් ද ඉල්ලන්නෙ රෝග ලක්ෂණ මතු වුණ වහා ම අදාළ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට ලවා ඒ නිවෙස් පරීක්ෂා කර වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළියක් ආදි පහසුකම් සහිතව ස්වයංව නිරෝධායනය විය හැකි නම් නිවෙස්වල ම නිරෝධායනය අත්‍යවශ්‍ය කාරණයක් කරන ලෙසයි.

එවිට තව දුරටත් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා රජය දරන මුදල් අවම කර ගත හැකියි. එමෙන් ම ඉදිරියේ දී හැටදහසකට අධික විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමට රජය බලාපොරොත්තු වෙන මොහොතක මේ සියලු දෙනාටම නිරෝධායන මධ්‍යස්ථාන ලබා දීම ද ලෙහෙසි පහසු කර්තව්‍යයක් නො වේ. එයට ද පිළියමක් වශයෙන් මා යෝජනා කරන්නෙ ඔවුන්ව ද තමන්ගේ ම නිවස තුළ ම වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළි පහසුකම් පවතින්නේ නම් දින දාහතරක් ස්වයං නිරෝධායනය කිරීමයි.

මෙය හැර මේ රෝගයට වෙන විකල්පයක් නොමැති බවයි රෝගය වැළඳුණු අයෙකු ලෙස මගේ හැඟීම.
එනිසා අවසාන වශයෙන් ද මා ජනතාවට මතක් කරන්නෙ නිසි ප්‍රතිකාර ක්‍රමයක් හමුවන තුරු අපි ආරක්ෂා වෙමු. සමාජ දුරස්ථභාවය රැකගමු. මුහුණු ආවරණ පළඳිමු. පුරවැසි වගකීම ඉටු කරමු.”

 356 total views

නව වසරේ සිට දුඹුරු සීනි ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවත්, අවශ්‍ය සීනි ප‍්‍රමාණය රට තුළ නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවත් උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු වැවිලි භෝග වගා සංවර්ධනය ආශ‍්‍රිත කර්මාන්ත සහ අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් 90% ක් ආනයනය කරන බවද, ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ මෙයින් හැකි උපරිමය රට තුළ නිෂ්පාදනය කිරීමේ කටයුතු දැන් සැලසුම් කර ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

‘‘වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්තායතනය වෙනුවට නව කර්මාන්ත ශාලාවක් ඉදිකරනවා. මේ සඳහා උක් වගා අක්කර 21000 ක් අලුතින් වගා කරන  අතර සෙවනගල කර්මාන්ත ශාලාවේ ධාරිතාව වැඩි කිරීමට මිලියන 400ක් වැය කරනවා.

දැනට  සෙවනගල සීනි කර්මාන්ත  ශාලාවේ  ලක්ෂ 3 ක ධාරිතාවයක් තමයි උක් අඔරන්නෙ අපි ඒක ලක්ෂ 05 දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

2020 ජනවාරියේ සිට එතනෝල් ආනයනය නවත්වා දේශීයව එතනෝල් නිපදවීමෙන් රුපියල් මිලියන 1800 ක ආදායමක් සීනි සංස්ථාව ලබාගෙන තිබෙනවා.’’

 435 total views

කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා දිවයින පුරා සියලු ම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු පත්කර ඇති බව හමුදාව පවසයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිල යුද හමුදාපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අද (01) සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.

පත්වීම් ලද සම්බන්ධිකාරක නිලධාරීන්ට කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමන්‍ය කටයුතුවලට ඇති වන බලපෑම අවම කිරීම සඳහා, කොවිඩ්-19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනයල නිරෝධායන කටයුතු කිරිම හා අවශ්‍යතා කළමනාකාරණය පිණිස ජනාධිපති කාර්යාලයල ආර්ථික පුනර්ජිවනය හා දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශයල ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.

දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර ඇති යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙසේය.

උතුරු පළාත
මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර – යාපනය
මේජර් ජෙනරල් කේ එන් එස් කොටුවේගොඩ – කිලිනොච්චිය
මේජර් ජෙනරල් ආර් එම් පී ජි රත්නායක – මුලතිව්
මේජර් ජෙනරල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා – වවුනියාව
මේජර් ජෙනරල් ඒ ඒ අයි ජේ බණ්ඩාර – මන්නාරම

උතුරු මැද පළාත
මේජර් ජෙනරල් ජේ සී ගමගේ – පොළොන්නරුව
මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ – අනුරාධපුර

වයඹ පළාත
මේජර් ජෙනරල් ඒ පී අයි ප්‍රනාන්දු – පුත්තලම
බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් – කුරුණෑගල

බස්නාහිර පළාත
මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ – කොළඹ
මේජර් ජෙනරල් එන් ආර් ළමාහේවා – ගම්පහ
බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල – කළුතර

මධ්‍යම පළාත
මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ – නුවරඑළිය
මේජර් ජෙනරල් එස් එම් එස් පි බි සමරකෝන් – මහනුවර
මේජර් ජෙනරල් එස් යු එම් එන් මානගේ – මාතලේ

සබරගමුව පළාත
බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න – රත්නපුර
බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය – කෑගල්ල

නැගෙනහිර පළාත
මේජර් ජෙනරල් සී ඩි වීරසුරිය – ත්‍රිකුණාමලය
මේජර් ජෙනරල් ටි ඩි වීරකෝන් – අම්පාර
මේජර් ජෙනරල් සී ඩි රණසිංහ – මඩකලපුව

ඌව පළාත
බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර – බදුල්ල
කර්නල් ඩි යු එන් සේරසිංහ – මොණරාගල

දකණු පළාත
මේජර් ජෙනරල් ඩි එම් එච් ඩි බණ්ඩාර – හම්බන්තොට
මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ – ගාල්ල
කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු – මාතර

 335 total views,  1 views today

මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර  ගත කර සිටින ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු  තානාපති  උදයංග වීරතුංග රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක අද (03) නියෝග කළේය.

එම මුදල් ඇපයට අමතරව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක්ද  නියම කළේය.

උදයංග වීරතුංග අද අධිකරණයේ පෙනී නොසිටියේය . ඔහු මේ වන විට  අසනීප තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබයි.

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය, විදේශ සබඳතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරින් සමග අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙසේ උපදෙස් දෙනු ලැබීය.

කොරෝනා වෛරසය ශරීරගත වූ පළමු රෝගියා මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙයි.  වෛරසය  පැතිරයාම වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී තිබේ. පූර්ණ කැපවීමෙන් ඊට සහාය වූ සියලු ක්ෂේත්‍රවල පිරිස් වෙත ජනාධිපතිතුමාගේ ප්‍රසාදය පළ කෙරිණ. ජනතාව ආරක්ෂා කර ගැනීමට එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස ද එතුමා උපදෙස් දුන්නේය.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමටත්, චීනයේ සිටි සිසුන් මෙරටට රැගෙන ඒමටත් විශේෂඥ කමිටුව ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිතුමාගේ විමසුමට ලක් විය.

වුහාන් නගරයේ සිට සිය රට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිතුමා සංචාරක කර්මාන්තය  ආරක්ෂා කරමින් වත්මන් තත්ත්වයට මුහුණදීමට ගත යුතු පියවර ගැන අවධානය යොමු කළේය.

රෝග පරීක්ෂණය සඳහා සහ රෝහල්වල පහසුකම් හැකි උපරිමයෙන් පුළුල් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.  චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු යන ඇමතිවරු සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිණිය ප්‍රමුඛ නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සකස් කළේ එවක මහ බැංකු මූල්‍ය මණ්ඩලය තෝරාගත් තමන්ට හිතවත් ඉන්දීය ආයතනයක් මගින් බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙම අදහස් පල කළේය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා බැඳුම්කර හොරෙක්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ බැඳුම්කර වංචාවක් සිදු වුණා, ඒ වංචාවේ හැටියට බලද්දී අපේ වංචාව එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේය කියන්නට අද එජාපයේ මන්ත්‍රිවරුන් පෙළඹී සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණද වෝහාරික වාර්තාව ගැන කතා කරමින් මේ මතයට හූමිටි තබනවා. ඒ නිසා මොකක්ද මේ වෝහාරික විගණන වාර්තාව කියන එක ගැන අප මුලින්ම අවධානය යොමු කරමු.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිකුත් කළ බැඳුම්කර සම්බන්ධයෙන් 2002 ජනවාරි 01 සිට 2015 පෙබරවාරි 28 දක්වා දහතුන් වසරක වෝහාරික විගණන වාර්තාව තමයි මේ තිබෙන්නේ. මේ වාර්තාවේ සඳහන් වෙනවා අතිශයින්ම රහසිගතයි කියලා. මෙය අතිශයින්ම රහසිගත වාර්තාවක් ලෙස සඳහන් කලත් එම වාර්තා උපුටා දක්වමින් බව පෙන්වමින් ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් සිදුකරන්නාවූ රඟපෑම හෙළිදරව් කිරීම සඳහා අපට මේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීමට සිදුවී තියෙනවා. අප හැබැයි දන්නවා එක්සත් ජාතික පක්ෂය බොරුවට උපන් පක්ෂයක්. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් බොරු දාහතක් කියලා ඒ17 අද අතේ පත්තුවෙලා. ඒ විතරක් නෙවෙයි කිඹුලන් දෙදෙනා අද ඇවිල්ල කියනවා මිලියන දෙකකට විනාඩි 15ක බොරු රඟපෑමක් තමයි කළේ කියලා. ඒ බොරු වර්ගයේම තවත් බොරුවක් තමයි මේ වෝහාරික විගණන නාඩගම.

මොකක්ද මෙහි සිද්ධවෙන්නේ. ඇත්තටම ඔය කියන කාලපරිච්ඡේදයේ වංචාවක් සිදු උනානම් ඇයි මුදල් තැරැව්කරුවන් ඒ සම්බන්ධයෙන් හඬක් නැඟුවේ නැත්තෙ. අර්ජුන් මහේන්ද්‍රන්ලගේ එක්සත් ජාතික පක්ෂයේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපට මුලින්ම තොරතුරු ගෙනාවේ මුදල් තැරැව්කරුවන්. ඔවුන්ගෙන් දැනගෙන තමයි අප තොරතුරු හොයාගෙන හඬ නැගුවේ. අප ආණ්ඩුව නිසා මේ ගැන හඬ නැගුවේ නැතැයි සිතමු. නමුත් ඇයි එක්සත් ජාතික පක්ෂය මේ ගැන හඬ නැගුවේ නැත්තේ. ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන හඬ නැඟුවේ නැත්තේ. ඇයි ආණ්ඩුවේ විගණකාධිපති විසින් සිදුකළ කිසිම විගණනයක මේ ගැන සඳහනක්වත් නැත්තෙ. එහෙම දෙයක් වෙලා නැති නිසයි. හදිසියේම මේ තමන්ගේ වංචාව වහගන්න වෝහාරික විගණන වාර්තාව මේ වන විට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හිරිකිත විදිහට පාවිච්චි කරමින් ඉන්නවා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බැඳුම්කර වංචාවක් සිදු කළ බව තහවුරු කරගන්න අපි පාවිච්චි කළේ විගණනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ලබාදී ඇති විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාවයි. නමුත් මේ වාර්තාව හදන්නේ විගණකාධිපතිතුමා නෙවෙයි. බීඩීඕ කියන ඉන්දියානු විගණන ආයතනයක්. කවුද මේ විගණන ආයතනය තෝරා ගන්නේ. අපේ විගණකාධිපතිතුමා නොවෙයි. මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයයි. මහා හොරෙක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත් කරපු පාලකයෝම පත්කරපු මූල්‍ය මණ්ඩලයක් තමයි මෙම සමාගමටත් මේක බාර දෙන්නේ. මේක හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් නෙවෙයි. හොරාගෙන් පේන ඇසීමක්. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස් දුන්නා යැයි අර්ජුන් මහේන්ද්‍රන් සඳහන් කරන ආකාරයට, මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාට යම් වංචාවක් කිරීමට අවශ්‍ය ආවරණය, උපදේශය, ලබා දුන්නා යැයි මේ වාර්තාවේ කොතැනවත් සඳහන් වෙලා නැහැ.

එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් තුන් දෙනෙක් 2015 ජනවාරි මාසයේ මහ බැංකුවට ගිහින් බැඳුම්කර වංචාව සිදු කරන්නට කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනාවක් කොමිසම හරහා හෙළි වුණා. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයෙකුට බැඳුම්කර වංචාවක් කරන්නට කුමන්ත්‍රණය කළ බවට කිසිම චෝදනාවක් මෙම වෝහාරික විගණන වාර්තාවේ නැහැ. එය මා ඉතාම වගකීමෙන් සඳහන් කරනවා.

එහෙම නම් මොකක්ද මේකේ තියෙන්නේ. 2015 පෙබරවාරි මාසයේ අර්ජුන් මහේන්ද්‍රන් ඇවිල්ලා සිය වංචාවට අවශ්‍ය පසුබිම සාදා ගැනීම සඳහා තරඟකාරී ලංසු ක්‍රමය කියන එක හඳුන්වා දෙන තුරු දීර්ඝ කාලයක් එනම් 1990 දශකයේ මැද සිට දිගටම භාවිතා වුනේ සෘජු ලන්සු තැබීමේ ක්‍රමය යි. මේ වාර්තාවෙන් කියන්නේ ඒ සෘජු ලංසු තැබීමේ ක්‍රමයේදී එවකට වෙළඳ පොලේ පැවති පොලිය අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයකින් ලංසු බාර ගැනීමෙන් ආණ්ඩුවට පාඩුවක් සිදු වූ බවයි. වංචාවක් සිදු වූ බව කොතැනකවත් නෑ. කියලා තියෙන්නෙ පාඩුවක් සිදු වූ බවයි. විකල්ප ක්‍රම තිබියදී හැම ක්‍රමයකම වාසි සහ අවාසි තිබෙනවා. මේ ක්‍රමය යොදාගැනීමෙන් පාඩුවක් සිදුවුණා යැයි මෙම ව්‍යාහාරික විගණන වාර්තාව හදපු විගණන ආයතනය විසින් මතයක් පළ කරලා තියෙනවා. එම මතය අප පිළිගන්නේ නැහැ. මොකද ඔවුන් කියන්නේ වෙළඳපොලේ තිබුණු මිල වැඩිවුණා කියලයි. අපි දන්නවා ඕනෑම භාණ්ඩයකට ඉල්ලුම වැඩි උනහම මිල ඉහළ යනවා. මුදල් කියන භාණ්ඩයේ මිල තමයි පොලී අනුපාතය. අලුතෙන් මුදල්වලට ඉල්ලුමක් එනකොට පවතින පොලී අනුපාතය වැඩි වෙනවා. ඒක ස්වාභාවික තත්වයක්. පවතින වෙළඳපොලේ සැපයුම ගොඩක් වැඩි වුණොත් විතරයි ඉල්ලුම වැඩි වෙද්දි මිල ඉහළ යාමක් සිදු නොවන්නේ. මේවා සරල ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්ත. මේ වෝහාරික විගනන වාර්තාව නම් හදලා තියෙන්නේ විගණකවරුන් කිව්වට පසුගිය ආණ්ඩුව පත්කළ මූල්‍ය මණ්ඩලය විසින්. සිදු වෙලා තියෙන්නේ තමන් තෝරගත්ත පුද්ගලික ආයතනයක් ලවා මතයක් පල කරවීමක් පාඩුවක් සිද්ධ උනාය කියල. ඒ මතය අප පිළිගන්නේ නැහැ. ඒ වගේම මේ වාර්තාවේ කොතනකවත් වංචාවක් සිදු වූ බවට සඳහන් වන්නේ නැහැ. ඒ නිසා මේ වෝහාරික විගණන වාර්තා නාඩගම එක්සත් ජාතික පක්ෂ 2015 බලයට ඒමට ආරම්භ කරලා පසුගිය ජනාධිපතිවරණයේ දී තීවුර කරපු තමන්ගේ බොරු වල තවත් එක නාඩගමක් පමනයි කියන එක සඳහන් කරන්නට අවශ්‍යයි.

– අරවින්ද අතුකෝරල

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොරෝනා වෛරසය ද මිලිටරීකරණය කරන බව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවකු වන සුනන්ද දේශප්‍රිය පවසයි.

චීනයේ සිට සිසුන් ගෙන්වා දියතලාව හමුදා කඳවුරේ සති දෙකක් රඳවා ගැනීමේ තීන්දුවට එරෙහිව සිය ට්විටර් ගිණුම ඔස්සේ විරෝධය පළ කරමින් ඔහු මෙසේ පවසා තිබේ.

ස්විස්ටර්ලන්තයේ වෙසෙන සුනන්ද, මහින්ද දේශප්‍රියගේ සොහොයුරෙකි.

මේ වන විට ශ්‍රී ලංකාවේද අසාදිත කොරෝනා වෛරස් රෝගියකු හමුවීම තුළ තම සංගමය රජයෙන් ඉල්ලා සිටියේ වෛද්‍යවරුන් සඳහා දිරි දීමනා හෝ ආර්ථික ලාභ නොව වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ධෛර්යමත් කිරීමේ ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.න

මුත් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තම සංගමය දැඩිලෙස විවේචනය කිරීම පදනම් විරහිත බව පෙන්වාදෙන වෛද්‍යවරයා, වෛද්‍යවරකු සුළුවෙන් හෝ දිරිගැන්වීම තුළ මෙම ගැටලුකාරී තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට හැකිවනු ඇති බවද පවසා සිටී.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍යවරයා මෙසේ ද කීය.

‘‘මෙම මඩ ප්‍රහාරය දියත් කර දේශපාලන වාසි ගන්න බලාගෙන ඉන්නවා. ආනයනික කිරිපිටි සමාගම් මේ පිටුපස ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපේ සටන මෙයින් නතර වෙන්නේ නෑ. සමහර දේශපාලන පක්ෂත් මීට අනුග්‍රහය දක්වමින් සිටිනවා.