94 සිට පළිගැනීම්වලට ලක්වූවන්ට සහන දීම මා ජනාධිපති වූ පසු ප්‍රථම රාජකාරියයි…! – සජිත්…

April 26, 2022 at 11:39 am | by emanisa.lk

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පළමු කාර්යය වනුයේ පළිගැනීම්වලට ලක්වූවන්ට මාස 06ක් තුළ සහන ලබාදීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කොළඹ පැවති දේශපාලන පළිගැනීම් පිළිබඳ මහා සමුළුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ, සොරුන් සමග එක්ව ආණ්ඩු කිරීම සූදානමක් නොමැති බවය.

“94 ඉඳලා මේ දක්වා පළිගැනීම්වලට ලක් වු විශාල පිරිසක් සිටිනවා. සමගි ජන බලවේග, සමගි ජන සන්ධාන රජයක් තුළ අපේ ආණ්ඩුවේ පළමුවැනි කර්තව්‍ය වන්නේ මාස 6ක් ඇතුළත පළිගැනීම්වලට ලක්වුණ අයට ඒ සහන ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි. දස දහස් ගණනක් ඉන්නවා පළිගැනීම්වලට ලක් වුණ අය. නිර්ව්‍යාජව පිරිසිදුව සැබෑ ලෙස පළිගැනීම්වලට ලක් වුණ අය ලියාපදිංචිකර ගන්න ඕනේ.

පළිගැනීම් ලැයිස්තු ඒ දවස්වල හදනකොට අඩුපාඩුකම් රාශියක් තිබුණා. මම යෝජනා කරනවා ඒ හැම අඩුපාඩුකමක්ම හඳුනාගෙන, අඩුපාඩුකම රහිතව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම අපේ අරමුණ ස්වාධීන රාජ්‍ය සේවාවක් ක්‍රියාත්මක කර ශක්තිමත් කිරීමයි. රාජ්‍ය සේවකයා සත්‍ය වශයෙන්ම දේශපාලන බලපෑම්වලින් තොර විය යුතුයි. අනිවාර්යයෙන්ම පළවැනි මාස 6 තුළ පළිගැනීම්වලට ලක් වුණ සියලුම දෙනාට සාධාරණත්වය ඇති කිරීම අපි පටන්ගන්නවා පටන්ගන්වාමයි.”

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස