9/11 ප්‍රහාර වළක්වන්න ඇමරිකාවටත් බැරි වුණා…! මට කිව්ව නම් පාස්කු ප්‍රහාරය වළක්වනවා..! – මෛත්‍රී…

August 10, 2022 at 11:33 am | by emanisa.lk

2019 පාස්කු දින ප්‍රහාරය පිළිබඳ තමා දැනුම්වත් කළේ නම් කිසිසේත් එය සිදුවීමට ඉඩ නොතබන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මෙම ත්‍රස්තවාදීන් රටවල් 50කට පමණ ප්‍රහාර එල්ල කොට ඇති බවත් ඇමරිකාවට පවා 2001 වසරේ 9/11 ප්‍රහාරයෙන් ගැලවීමට නොහැකි වූ බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

තමා ජනාධිපති ධූරය හොබවන සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ විවධ කණ්ඩායම් පහර දුන් බව සිහිපත් කළ මෛත්‍රීපාල සිරිසේන, තම ධුර කාලයේ ජනතාවට අද මෙන් කිසිදු ගැටලුවක් නොතිබූ බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *