56 සිංහල රාජ්‍ය භාෂාව කළ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ! – විග්නේෂ්වරන් සිංහලෙන් කියයි..

February 14, 2019 at 1:54 am | by admin

දෙමළ ජනතාවට සිය අයිතිවාසිකම් ලබා දුනහොත් ඔවුන් සිංහල ඉගෙනගනු ඇතැයි උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් පවසයි.

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුවකට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණි විට පසුගිය දිනවල අරුන් සිද්ධාර්තන් නැඟූ චෝදනා පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස් දැක්වීය.

අරුන් සිංහල කතා කරන විදිහට ඔහු ආවෙි කොහෙන්ද කියලා පැහැදිලියි. ඔහුගේ හැඳුනුම්පත බලන්න ඕන.

ආවා කල්ලිය සහ හමුදාව අතර සම්බන්ධයක් තියෙනවා කියලා උතුරේ ජනතාව හිතනවා.

දෙමළ ජනතාවට එයාලගේ අයිතිවාසිකම් දුන්නා නම් සිංහල ඉගෙන ගන්නවා. මම 1955 සිංහල ඉගෙන ගන්න පටන් ගත්තා. 56 සිංහල පමණයි ප්‍රතිපත්තියට විරෝධය පාන්න ඒක අතෑරලා දැම්මා.

උතුරේ විතරක් නෙමේ දකුණෙත් කුල භේද තියෙනවා. දකුණේ උපන් මම ඒක හොඳට දන්නවා.

කෙසේ වුවද විග්නේෂ්වරන් ඉතාම හොඳට සිංහල කතා කරන අතර ඔහුගේ දරුවන් විවාහ වී ඇත්තේ සිංහලයන් සමගය. අරුන්ගේ හැඳුනුම්පත සොයන ඔහු දකුණේ ඉපිද රාජකීය විදුහලේ උගත් දකුණේ රැකියාව කළ අයෙකි.

එසේම සිංහල රාජ්‍ය භාෂාව කළේ 1815 සිට රාජ්‍ය භාෂාව ලෙස ක්‍රියාත්මක වූ ඉංගිරිසි භාෂාව වෙනුවට මිස දෙමළ භාෂාවට එරෙහිව නොවේ. 1815 දක්වා වසර සිය ගණනක් මේ රටේ රාජ්‍ය භාෂාව වූයේ සිංහලය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *