ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නම් සිය මැතිවරණ ව්‍යාපාරය තවත් සියයට 5කින් පමණ වේගවත් කළ යුතු බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
සෙසු අපේක්ෂකයන් සිටින්නේ ඊට පහළින් වන අතර ජනපති අපේක්ෂකයන් සිව් දෙනෙකු අතර තරඟයක් පැවතීම ඊට හේතුව බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
සිය අත්දැකීම අනුව මෙවර සමස්ත ඡන්දදායකයන් වන එක්කෝටි අසූ ලක්ෂය අතරින් එක්කෝටි හතළිස් ලක්ෂයක් පමණ ඡන්දය පාවිච්චි කරනු ඇති බවත් තිස්ස අත්තනායක ප්‍රකාශ කරයි.
ඒ අතරින් 50%ක් ලබා ගැනීමට නම් ඡන්ද ලක්ෂ හැත්තෑවක් සහ තවත් එකක් ලබා ගත යුතු බවයි, ඔහු සඳහන් කළේ.
නෙත් FM නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් තිස්ස අත්තනායක මේ බව කීය.