5 ශිෂ්‍යත්වය අහෝසි කළ බවක් මම නම් දන්නේ නෑ! – අධ්‍යාපන ඇමති

March 26, 2019 at 1:06 pm | by admin

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපතිවරයා පැවසුව ද එවැනි තීරණයක් ගත් බවක් තමා මේ වනතෙක් නොදන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

කෙසේ වුවද අද (26) පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස