ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය පමණින් රටේ සියලු ප්‍රශ්න නොවිසඳෙන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.
කෙසේ නමුත් එමගින් රටට යළි නැගී සිටින්නට අවස්ථාවක් නිර්මාණය වී ඇති බවත් ජනතාවට යම් යම් සහන හිමි වනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
1948 සුද්දන් අතහැර යන විට හේනක් මෙන් පැවැති රට ගොඩනැඟීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විශාල වැඩ කොටසක් කර ඇති බව ඔහු සඳහන් කළේ, දේශපාලනඥයින් රට විනාශ කළ බවට ප්‍රශ්න කරමින් මාධ්‍ය කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
දේශපාලනඥයින් අතින් සිදු වූ වැරදි මෙන් ම හොඳ ද ඇති බවත් ඒ දෙස සමබරව බැලිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.