368ක් සුවය ලබා ගෙදර යද්දි තවත් ආසාදිතයන් 435ක්! මරණ 01ක්!

November 21, 2020 at 8:26 am | by emanisa.lk

පෑලියගොඩ කොරෝනා පොකුරට ඊයේ (20) රාත්‍රී 10.15 වන විට තවත් ආසාදිතයන් 435 දෙනෙක් එකතු විය.

අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.

මේ අතර තවත් රෝගීන් 368 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම ගියහ. ඊයේ දින තවත් කොරෝනා මරණයක් වාර්තා වූ අතර ඒ කොළඹ 02 පදිංචි වී සිටි 70 හැවිරිදි පුද්ගලයෙකි. කොරෝනා සමග මතු වූ හෘද රෝග තත්ත්වයක් මෙම මරණයට හේතු වී ඇත. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහ යයි.

මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 15,765 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතරින් 13 271 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර 5935 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස