22 වන සංශෝධනය ජනාධිපතිවරණය කල් දමන උගුලක්…! – ගාමිණී වලේබොඩ….

July 18, 2024 at 4:24 pm | by emanisa.lk

22 වන ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගෙන ඒමේ අරමුණ ජනාධිපතිවරණය කල් දමා ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ ආරම්භයේ දී පාර්ලිමේන්තුව සම්පූර්ණ කාලය පවත්වා ගෙන යාමට සහ ආණ්ඩුව පවත්වා ගෙන යාමට පොදුජන පෙරමුණ සහාය ලබා දීමට එකඟ වුව ද මේ වන විට දෙපාර්ශ්වය අතර ගැටුම් හට ගෙන ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

මේ නිසා 22 වන සංශෝධනය සඳහා අවශ්‍ය 2/3ක බලය ලබා ගැනීම මේ අවස්ථාවේ ආණ්ඩුවට දුෂ්කර බවත් එය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසිරුවා හැර මහා මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව ද ගාමිණී වලේබොඩ පෙන්වා දෙයි.

එසේ වුවහොත් ජනාධිපතිවරණය තවත් මාස 4කින් පමණ පසුපසට යාම වැළැක්විය නොහැකි බව ද හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *