21 සිට පාසල් සඳහා පොලිස් ආරක්ෂාව..! සේවයට එන ගුරුවරුන්ට බලපෑම් කළොත් වැඩ වරදී…!

October 17, 2021 at 7:14 am | by emanisa.lk

පාසල් විවෘත කළ පසු පාසල් සඳහා පොලිස් රැකවරණය ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්‍ෂක කටයුතු ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

පාසල් විවෘත කිරීමෙන් පසු රාජකාරී සඳහා පැමිණෙන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට යම්කිසි තර්ජනයක් එල්ල වුවොත් ඔවුන් ආරක්ෂාකර ගැනීම සඳහා මෙලෙස පොලිස් ආරක්ෂාව ලබා දීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඇමැති සරත් වීරසේකර මහතා පොලිස් ප‍්‍රධානීන් දැනුම්වත් කර ඇති අතර ලබන 21 වැනිදා සිට මෙම ආරක්ෂිත වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

වැටුප් වර්ධක ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති වෘත්තීය ක‍්‍රියාමාර්ග ආරම්භකොට ඇත. කෙසේ වුව ද ඇතැම් වෘත්තීය සමිති වර්ජනය අතහැර රාජකාරී සඳහා වාර්තා කිරීමට තීරණය කර ඇත.  වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට යටත් නොවී රාජකාරී කිරීමට සූදානම්ව සිටින ගුරුවරුන්ට පසුගිය කාලසීමාවේ විවිධ බලපෑම් එල්ලවී තිබිණි.

මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් ඇමැති සරත් වීරසේකරට පැමිණිලිකර ඇත.

මේ ආකාරයට රාජකාරී සඳහා වාර්තාකරන ගුරුවරුන්ට තර්ජනයකර බලපෑම් කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද සරත් වීරසේකර වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *