21 වෙනි සංශෝධනය අනුමත වුණොත් අපට පාර්ලිමේන්තු එන්න බැරිවෙයි! – රිෂාඩ්

January 8, 2020 at 11:02 pm | by emanisa.lk

මහ මැතිවරණයෙන් 5% ක ප්‍රතිශතයක් ලබා ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට දැනට තිබෙන අවස්ථාව ඉවත් කර, ආරම්භයේදී පැවති 12%ක සීමාව යලි ගෙන ඒමට යෝජනා කෙරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් දැඩි ලෙස විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

ඔහු කියා සිටින්නේ මෙම යෝජනාව මඟින් තමන්ට, ජවිපෙට, මුස්ලිම් කොංග්‍රසයට, කම්කර් කොංග්‍රසයට සහ සෙසු සුලු පක්ෂවලට පාර්ලිමේන්තු ඒමට අවස්ථාවක් උදා නොවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස