වැඩට නොඑන ගුරුවරුන්ගේ පඩි කපන්න ඉඩ තියන්නේ නෑ…!

October 20, 2021 at 2:38 pm | by emanisa.lk

කිසිදු ගුරුවරයෙකුගේ වැටුප් කප්පාදු කිරීමට ඉඩ නොතබන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සංධානය පවසයි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ ලබන 21 වන දා පසු වර්ජනයේ නිරත වන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බවට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා කර ඇති ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඔහුට බල කරන බවයි.

එවැනි බලයක් පළාත් ආණ්ඩුකාරවරයෙකුට නොමැති බව ද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *