21 වතාවක් FCIDය මගහැරි ඇමති රාජිතට වැඩ වරදී! නව ආණ්ඩුව යටතේ විමර්ශන කඩිනම් කෙරේ!

November 20, 2019 at 2:33 pm | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) ඉදිරිපත් කර තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට කළ කැඳවීම් 21 සඳහා ප්‍රතිචාර දැක්වීම රාජිත සේනාරත්න විසින් මගහැර තිබිණි.

යහපාලන ආණ්ඩුව විසින්ම ආරම්භ කළ FCID ඔහු නොතකා හැරියේ ඇමතිවරයෙකු ලෙස තමා සතු රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගනිමිනි.

කෙසේ වුවද නව රජය යටතේ ප්‍රථමයෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු ආරම්භ කරන බවට තොරතුරු වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් රැසක් ඇමති රාජිත සේනාරත්නට එරෙහිව පැමිණිලි රැසක් FCIDයට ඉදිරිපත් කරන තිබිණි.

මේ අතර ඊයේ (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වීම සඳහා පැමිණි ඇමති රාජිත සේනාරත්න ජනාධිපති ලේකම් කාර්යාල පළමු ගේට්ටුවෙන්ම හරවා යැවීමට කටයුතු කළ බව ද වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස