21 පාසල් ආරම්භ කරන්න ආණ්ඩුව සූදානම්…! ගුරුවරු නාවොත් පුහුණු උපාධිධාරීන් 53000ක් පාසල්වලට…!

October 17, 2021 at 8:45 am | by emanisa.lk

ලබන 21 වැනි දා පාසල් විවෘත කිරීමත් සමඟම ඇති වන අවශ්‍යතා අනුව මෑතක දී බඳවාගත් උපාධිධාරීන් එම පාසල් වෙත ගුරුවරුන් ලෙස අනුයුක්ත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි කියා සිටියේ වත්මන් රජය මඟින් රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් 53,000ක් අලුතින් බඳවාගත් බවත්, ඔවුනට වසරක පුහුණුවක්ද ලබා දෙමින් තිබෙන බවත්ය.

ඉන් 18,000ක්ම රජයේ උපාධිධාරී ගුරුවරුන් ලෙස පත්කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව ද ඔහු කීය. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ නම් තවත් උපාධිධාරින් අවැසි සංඛ්‍යාවක් වුවද ලබා දීමට ද හැකියාව ඇති බවද රාජ්‍ය සේවා ලේකම්වරයා අවධාරණය කළේය.

පාසල් යළි ආරම්භ කිරීම අදියර 4ක් යටතේ සිදුවන අතර සිසුන් 200ට අඩු පාසල් 3,000ක් 21 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *