25 පාසල් එන තීන්දුව ජවිපෙ පෙරටුගාමීන්ගේ…! සටන පාවා දෙන්න ඔවුන්ට ඉඩ දෙන්නෑ..!

October 19, 2021 at 11:37 pm | by emanisa.lk

එළඹෙන 21 වෙනිදා පාසල් විවෘත කිරීමට ගත් තීන්දුව දේශපාලන පක්ෂයක තීන්දුවක් බව ගුරු විදුහපල්පති වැටුප් විෂමතාවට එරෙහිව ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි පවසයි.

25 වෙනිදා පාසල් යාමට ගත් තීන්දුව පැහැදිලිව ම දේශපාලන පක්ෂ දෙකක තීන්දුවක් බව එහිමියෝ ප්‍රකාශ කරති.

පළමු වැන්න පොදුජන පෙරමුණේ ද දෙවැන්න ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තීන්දුව බව සුමංගල හිමි සඳහන් කරයි.

දේශපාලන පක්ෂවලට සිය සටන දිය කිරීමට ඉඩ නොදෙන බවත් දිගට ම වර්ජනයෙහි නිරත වන බවත් එහිමියෝ වැඩි දුරටත් ප්‍රකාශ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *