2026 දෙන්නම් කියලා ශේප් වෙන්නත් තිබුණා… නමුත් 2025 පඩි වැඩි කරනවා…! – ඇමති අනිල් ජයන්ත….

December 25, 2024 at 11:10 am | by emanisa.lk

ලබන වසරේ දී අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

“ආර්ථිකය බිඳ වැටිලා තියෙන්නේ දැන්, තව පොඩ්ඩක් ඉවසන්න, පටි තද කරගන්න කියලා අපිට ඕනේ නම් කියන්න තිබුණා.

2026දී කරන්නම් කියලා තර්කය ගේන්නත් පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි දන්නවා මිනිස්සු ජීවත්වෙන දුෂ්කරතාව.

අනිවාර්යයෙන්ම වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්. ඒ විස්තර අයවැයෙන් ඉදිරිපත් කරන්නම්.”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *