2020 සිට ගෝඨාට රට භාරයි! – මහින්ද රාජපක්ෂ ගෝඨාභිශේක ගන්වයි! අත්පොළසන් නදින් සුගතදාසය ගිගුම් දෙයි!(video)

August 11, 2019 at 4:12 pm | by emanisa.lk

මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරන බව මහින්ද රාජපක්ෂ අද (11) ප්‍රකාශ කළේය.

2020 තමන්ට භාර ගැනීමට සිදුව ඇත්තේ 2005 තමන් භාරගත් රටට වඩා ඇද වැටුණු රටක් බවත් 2015 තමන් නැවත භාරදුන් රට නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

තුන්තිස් පැයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් විමසිල්ලෙන් සිටින ජාතික ආරක්ෂාව තහවුරු කළ රට සංවර්ධනය කළ හැකි විනයගරුක සමාජයක් තැනීමට ගෝඨාට රට භාර කරන බව හෙතෙම පැවසුවේය.

තමාට වැදගත් වන්නේ තමන්ගේ තේරීම නොව ජනතාවගේ තේරීම යැයි ද 2005 සිට කොටි ත්‍රස්තවාදය පරාජය කර සංවර්ධනය කළ දැවැන්ත සංග්‍රාමයට දායක වූ අයෙක් රටට ගෝඨාට ඒ සුදුසුකම් ඇතැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

සියලු පුරවැසියන්ට ජාති, ආගම්වලින් තොරව එකට සිටිය හැකි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස පක්ෂ අද දිනයේ දී නිර්මාණය කළ බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එයට මුල්වු බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සියලු දෙනාට තම ස්තූතිය පළ කරන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

මේ දිනය උදාවෙන එක නැවැත් වීමට වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ වැඩ කළ බවත් රාජපක්ෂ පවුලේ අයට දේශපාලනයට පැමිණීමට ඒමට නොහැකි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ බවත්, ඔවුන් එවැනි දේ කරමින් තම නිදහස උදුරා ගත් බවත්, එනමුදු රටේ නිදහස වෙනුවෙන් තම නිදහස කැප කළ බවත් හෙතෙම පැවසීය.

කිසිදු ආගමකට දර්මයකට වත්මන් ආණ්ඩුව සැලකුවේ නැති බවත්, වෛරකාර මෙම දේශපාලනයට යා හැකි දුර අද වන විට තීරණය වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

වෛරය ඉදිරියට ගෙන යෑමට බලයට නොපැමිණෙන බවත්, තමන්ට ආදරය කරන ජනතාව දෙස පමණක් බලා සිටින බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිට වු දා සිට එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කළ බවත් එහෙත් 2015 පසුව සිරිකොතේ හෙවනැල්ල වැටුණාම රටට ආදරය කරන අයට එතැන ඉන්න බැරි වු බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹ කුණු කඳු ගොඩ ගැහිලා ගඳ ගහනකොටත් ජනතාවට අපිව මතක් වු බවත් කියා සිටි රාජපක්ෂ මහතා, කොළඹ බෝම්බ පිපිරෙන කොට සියලු ජනතාවට අපිට මතක් වු බවත් එයින් අසරණ වු ජනතාව වෙනුවෙන් පොහොට්ටුව නිර්මාණය කළ බවත් සඳහන් කළේය.

අද වන විට කාලය විසින් තමාව නිර්දෝෂී කර අවසන් බවත් රටට නිර්දේශ කර අවසන් බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා තමාට බාර ගැනීමට ඇත්තේ බාර දුන් රට නොව විනාශ වු රටක් බවත් පැවසීය.

රටේ පළමුවෙන් ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, එසේ නොමැති නම් රටක් ගොඩනැඟිය නොහැකි බවත් පැවසු රාජපක්ෂ මහතා, අපේ දරුවන් පාසල් යවා දෙමාපියන් මුරට යන කාලය අවසන් කළ යුතු බවත් කියා සිටියේය.

ඕනෑම ආගමකටම තම පන්සල්, පල්ලිවලට යා හැකි රටක් සෑදිය යුතු බවත් පැවසු රාජපක්ෂ මහතා, සෑම මුස්ලිම් ජනතාවම ත්‍රස්තවාදීන් යැයි කියන රටක් නොවෙයි අපට හදන්න ඕනේ යනුවෙන් ද පැවසීය.

365 දවසම අපේ රට ගැන බලා ගන්නා පුද්ගලයෙක් රටට අවශ්‍ය බවත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව රට සෑදිය හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස