2019ට පාසල් 433කට සිසුන් නෑ! පාසල් 708ක් වැසෙන ලකුණු!

February 4, 2019 at 1:05 pm | by admin

2019 වසර සඳහා පාසල් 433කට වැඩි ප‍්‍රමාණයකට කිසිදු ළමයෙකු ඇතුළත් වී නැතැයි ලංකා ගුරු සංගමය අනාවරණය කරයි.

පාසලක සිටිය යුතු ගුරුවරු ප‍්‍රමාණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 01/2016 චක‍්‍රලේඛය මගින් පාසලේ විෂයන් අනුව ගුරුවරු සංඛ්‍යාව තීරණය කිරීම වෙනුවට ළමුන් හා පන්ති සංඛ්‍යාව අනුව ගුරුවරු ලබාදීම මේ අර්බුදය සඳහා හේතුව බවද ලංකා ගුරු සංගමය පවසයි.

2017 වසරේ අධ්‍යාපන අමත්‍යාංශ සංඛ්‍යා ලේඛණවලට අනුව 1 ශ්‍රේණිය සඳහා දරුවන් ඇතුළත් නොවූ පාසල් සංඛ්‍යාව 433ක් බවත් 1 ශ්‍රේණිය සඳහා එක් ළමයෙක් ඇතුළත් වූ පාසල් 137 ක් බවත් ළමුන් දෙදෙනෙක් ඇතුළත් වූ පාසල් 138 ක් බව අධ්‍යාපන අමාත්‍යාංශ සංඛ්‍යා ලේඛනවල දැක්වෙන බව එම නිවේදනයෙහි දැක්වෙයි.

මේ අනුව සිසුන් නොමැති නිසා රට පුරා පාසල් 700කට අධික ප්‍රමාණයක් වැසී යාමේ අවධානමක් මතු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස