2017 තුර්කි ත්‍රස්තයන් 50ක් දැනුම් රජයට දැනුම් දුන්නා! මුස්ලිම් දේශපාලකයෝ දෙන්නෙක් විමර්ශනයට ඉඩ දුන්නේ නෑ! – එජාපයේ හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමති

April 30, 2019 at 5:04 pm | by admin

තුර්කි ජාතික ත්‍රස්ත සංවිධානයක් වන ෆෙටෝ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර තුර්කි තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිසි පියවර නොගත්තේ යැයි හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවැසීය.

තම මව් රටේදී ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තුර්කි තානාපතිවරයා 2017 හා 2018 යන වසරවලදී සිව් වතාවක් සිහි කැඳවී යැයි ද තමා ඊට අදාළව ලද සියලු ලේඛන ආරක්ෂක අමාත්‍යංශයට ෆැක්ස් මගින් දෙවතාවකදී යොමු කළේ යැයි ද සේනානායක මහතා අවධාරණය කළේය.

ඉන්පසු ආරක්ෂක අමාත්‍යංශයෙන් ඒ ගැන සෝදිසි කරන බවත් ඊට අදාළ විමර්ශන ඉන් අනතුරුව අයත් වන්නේ ආරක්ෂක මණ්ඩලයට යැයි ද සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යංශය විදේශ කටයුතු අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දීමක් කළේ යැයි ද සේනානායක මහතා කීය.

තමා විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා හැටියට පත්වීමට පෙරද තුර්කි තානාපති කාර්යාලය මගින් මේ බව රජයට දැනුම් දී ඇතැයි කී හෙතෙම ෆෙටෝ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ විදෙස් ගමන් බලපත් අංක පවා අදාළ රහස්‍ය ලේඛන අතරේ තිබුණේ යැයි ද සඳහන් කළේය.

රජය මේ ගැන නිසි පියවරක් නොගැනීම නිසා තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා ආරක්ෂක අමාත්‍යංශයට ගොස් ඒ ගැන විමසා ඇතැයි ද එහිදී මුස්ලිම් ජාතික දේශපාලකයන් දෙදෙනෙකුගේ මැදිහත්මක් නිසා විමර්ශන කටයුතු අඩාල වී ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයෙන් තානාපතිවරයාට දන්වා ඇතැයි ද සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතාගෙන් මේ ගැන කළ විමසීමේදී ඔහු පැවසුවේ 2015 වසරේ සිටම මේ කරුණු ශ්‍රී ලංකා රජයට දැන් වූ බවයි.

ෆෙටෝ සංවිධානයට සම්බන්ධ සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල ක්‍රියාත්මකව සිටියේ යැයි ද එම සියලු කරුණු සවිස්තරාත්මකව ශ්‍රී ලංකා රජයට දැන් වී යැයි ද ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ රහස්‍ය ලේඛනවල කෙනන් අව්සාර්(U 12243311), ඊබ්‍රාහිම් ටොම්කින් (U 01847956), හකාන් අර්ස්ලාන් (U 03445289) ආදී වශයෙන් ෆෙටෝ සංවිධාන සාමාජිකයන් 50 දෙනෙකුගේ නම් සහ විදෙස් ගමන් බලපත් අංක හා එම සංවිධානයට සහාය දක්වන්නේ යැයි කියන දේශීය ආයතන නවයක නම් හා ලිපින අන්තර්ගතය.

ෆෙටෝ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ නම් සහ ගමන් බලපත් අංක පහත දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස