2015 ආණ්ඩුව තවුහිද් ජමාත් ලොක්කෙක් ගෙන්නලා සුගතදාසේ දේශන පවත්වලා!

April 28, 2019 at 1:47 pm | by admin

තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රධානියකු ලෙස සැලකෙන ජයිනුල් ආබ්දීන් නැමැත්තා 2015 වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දේශනයක් පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය සහ ඉස්ලාම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලබා දීමට මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව විරෝධය පා තිබේ.

2015 නොවැම්බර් 08 වෙනිදා මෙම දේශනය පවත්වා ඇති අතර රටේ ආගමික සහජීවනයට බාධාකාරී වන මෙම අන්තවාදියාට මෙරටට පැමිණීමට හෝ දේශන පැවැත්වීමට අවස්ථාව ලබා නොදෙන ලෙස ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණෙ මොහොමඩ් මුසාම්මිල් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. එහෙත් ආණ්ඩුව ඊට කන් නොදුන් අතර අන්තවාදී විෂබීජ රෝපණය කිරීමට ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් කාලය පවා අන්තවාදී දේශකයන්ට ලබා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස