2005 රනිල් පරාජය කරවීම ගැන උතුරේ ජනතාව කනගාටු වෙනවා…! – සුමන්දිරන්…

May 27, 2024 at 9:23 am | by emanisa.lk

උතුරේ සංවර්ධන කටයුතුවලට ප්‍රමුඛතාව දෙමින් උතුරට පැමිණීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ස්තූතිවන්ත වන බව දෙමළ ජාතික සන්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

උතුරේ ජනතාව මුහුණපෑ බොහෝ දුෂ්කරතාවලින් ඔවුන් මුදාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ බව ද හෙතෙම කීය.

2005 වසරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතුව උතුරේ ජනතාව විය හැකි අතර ඒ පිළිබඳ අද එම ජනතාව කනගාටු වන බව ද සුමන්දිරන් ප්‍රකාශ කළේය.

යාපනය විශ්වවිද්‍යාල නව වෛද්‍ය පීඨ ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *