2002-2004 මහ බැංකු වාර්තා අතුරුදන්! තවත් දැවැන්ත වංචාවක සාක්ෂි සැඟවුවේද?

January 30, 2020 at 11:52 am | by emanisa.lk

2002-2004 කාලයේ මහ බැංකු වාර්තා අතුරුදන් වී ඇති බව ඇමති කාංචන විජේසේකර පවසයි.

එහෙයින්ම මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදුකළ වෝහාරික විගණනය 2005 වසරින් ආරම්භ කර ඇතැයි ඔහු පවසයි.

එම කාලයේ ද මෙරට අගමැති ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහ වන අතර 2015 මහ බැඳුම්කර වංචාව සිදු වූයේද ඔහු අගමැති ධුරය දරන සමයේය.

එකල මහ බැංකුව මුදල් ඇමතිවරයා යටතේ නොව ඍජුවම අගමැති යටතේ පැවති අතර මහ බැංකු අධිපති වූයේ රනිල් වික්‍රමසිංහගේ හිතවතෙකු වන සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන්ය.

මෙම වෝහාරික විගණනය මහ බැංකු බැඳුම්කර වංචාව සඳහා පහසුකම් ලබා දුන් මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ අනුදැනුම යටතේම ක්‍රියාත්මක වීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස