20 වසරක් යටගිය දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට…!

March 18, 2023 at 11:44 am | by emanisa.lk

දූෂණ විරෝධී පනත අඟහරුවාදා (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

“වසර විස්සකට ආසන්න කාලයක් පුරා මෙවැනි දූෂණ විරෝධී පනතක් ගෙන ඒමට උත්සාහ කළත් එය අසාර්ථක වී තිබුණා. එම නිසා දූෂණයට විරුද්ධ හෝ පක්ෂපාතී දේශපාලනඥයන් කවුරුන්ද? යන්න නව දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු හෙළිදරව් වෙයි.

රටේ සිදුවන වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සම්බන්ධයෙන් ඉකුත් කාලය පුරාම බරපතළ අන්දමින් සාකච්ඡාවට බඳුන් වුවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය නීතිරීති ප්‍රමාණවත් අන්දමින් පැවැතියේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබා ගැනීමේ කටයුත්තේදී මෙම දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. එම නිසා නීතිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති නව දූෂණ විරෝධී පනත කඩිනමින් සම්මත කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *