20 එපා! මුස්ලිම් සංවිධාන 7ක් මහින්දට කියයි!

February 16, 2019 at 8:19 am | by admin

උතුරු පළාත් සභාවට වැඩි බලතල ඉල්ලා සිටින දෙමළ ජාතික සන්ධානය පළාත් සභාවේ නිල කාලය අවසන් වුවද මැතිවරණයක් ඉල්ලා නොසිටින බවත් හවුලේ ආණ්ඩුව කරගෙන යන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කර මුස්ලිම් සිවිල් සංවිධාන 07ක් සන්දේශයක් භාර දීම සඳහා ඊයේ (15) හෙතෙම විපක්ෂ නායක කාර්යාලයේ හමු වූ අවස්ථාවේය.

වත්මන් ආණ්ඩුව ගෙන එන ව්‍යවස්ථා යෝජනාවලිය තමාගේ එකක් නම් එදා ඔවුන් එය පිළිගත්තා නම් එම කටයුතු එදා අහවර නොකළේ මන්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.

දෙමළෙන් ඔරුමිත්ත යනු බෙදුණු යන අරුත් සහිත වදනක් බවත් මුස්ලිම් ජනතාව උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කිරීමට විරුද්ධ බවත් එම සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස