20ට අත එස වූ මන්ත්‍රීවරුන් නෙරපන තුරු බදියුදීන් එක්ක සන්ධාන නෑ…! – සජිත්

July 28, 2021 at 6:09 pm | by emanisa.lk

විසිවන සංශෝධනයට අත එසවූ මන්ත්‍රීවරුන් රිෂාඩ්ගේ පක්ෂයේ සිටිනතුරු මෙන්ම දැන් පවතින විවිධ ගැටලු නිරාකරණය වනතුරු එම පක්ෂය සමඟ සන්ධාන ගත වෙන්නට තීන්දුවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රිෂාඩ්ගේ පක්ෂය මහ මැතිවරණයේ දී සන්ධානගත වී ඉල්ලූ නමුත් දැන් අලුත් සංධානය හදමින් සිටින බව කී විපක්ෂ නායකවරයා රිෂාඩ්ගේ පක්ෂය තවම සමගි ජන බලවේගය සමග සන්ධානගත වී නැතැයිද කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *