1999 ෂොපිං බෑග් එකක රෙදි අරගෙන මන්නාරමට පැමිණි බදුයුදීන් අද බිලියනපතියෙක්! ඉඩම් අක්කර 3000ක් සහ ව්‍යාපාර ආයතන රාශියක්! එකට දේශපාලනය කළ සගයා හෙළිකරයි! (video)

May 27, 2019 at 12:08 pm | by admin

ඇමැති රිෂාඩ් බදියුදීන් සහ තමන් පුංචි කාලයේ පටන්ම ඉතා හොඳින් දන්නා හදුනන යාළුවන් බවත් එකල ඔහුට තිබුණේ පා පැදියක් පමණක් බවත් වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක මායාදුන්නේ මහතා පවසයි.

අද බදියුදීන් ඇමතිවරයා ලංකාවේ සුපිරිම කෝටිපතියා වී සිටින්නේ විදේශවලින් මුදල් ගෙනැවිත් ඒවායෙන් අක්‍රමිකතා සිදුකර මුදල් උපයා ගැනීමෙන් බවට ඔහු චෝදනා කරයි.

තම ප්‍රදේශයවල ඉඩම් ව්‍යාපාරික ස්ථාන රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇමතිවරයා තමන්ටත් පවුලේ අයටත් ඉඩම් අක්කර 3000-4000 ක් පවරා ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

1999 වසරේදී රිෂාඩ් බදියුදීන් පුත්තලම දිස්ත්‍රික්කයට පැමිණියේ ෂොපින් බෑග් එකක රෙදි දමාගෙන බවත් අද වන විට ඔහු ඇතුළු ඔහුගේ සියලු ඥාතීන් මහා ධනවත් ව්‍යාපාරිකයන් බවට පත්ව සිටින බවද ප්‍රදේශයේ බොහෝ අපරාධ පසුපස මොවුන් සිටින බව ද හෙතෙම කියා සිටියේය.

අද වන විට මහ බැංකුව මංකොල්ල කෑමෙන් හොරා කෑ මුදලට වඩා වැඩි මුදලක් හිමි ධනවතෙකු බවට රිෂාඩ් බදියුදීන් පත්ව සිටින බවද පැවසූ ඔහු බදියුදීන් සතුව පවතින ඉඩම් ගණනාවක නම් ලැයිස්තු ද ඉදිරිපත් කළේ එම ඔප්පුවල මිල ගණන් සඳහන් කර ඇත්තේ වටිනාකම් අඩුවෙන් යොදා බවත් පැවසීය.

මේ ආකාරයට අවුරුදු කිහිපයක් ඇතුළත මොහු මේ තරම් සුවිශාල ධනස්කන්ධයක් උපයාගත්තේ කෙසේ දැයි වහාම පරීක්ෂණ කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය. ඒ සඳහා සාක්ෂි ලබා දීමට තමන් සූදානම් බවත් විශ්වාසභංගයේ දී පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදුයුදීන්ට ඡන්දය ලබා දුනහොත් පුත්තලම අතහැර යාමට සිදුවනු ඇතැයි ඔහු අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස